හිම කුණාටුවකට හසුවූ කඳු නගින්නන් 10 ක් මරුට
- 2020-12-28 13:08:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉරානයේ ටෙහෙරානයට උතුරින් පිහිටි ඇල්බෝර්ස් කඳුවැටියේ දී හිම කුණාටුවකට හසුවූ කඳු නගින්නන් 10 දෙනකු මියගොස් ඇතැයි බලධාරීහු පවසති. මියගිය අය අතර දේශපාලනඥයෙකු, වෛද්‍යවරයෙකු, කඳු නැගීමේ උපදේශකයෙකු හා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ද සිටින බව පැවසේ.
රෙඩ් ක්‍රෙසන්ට් විසින් ස්වෙච්ඡා කණ්ඩායම් 20ක් කඳුකරයට යවා තිබේ. ඔවුන් විසින් 14දෙනකු බේරාගෙන ඇති බවත් අතර තවත් හත්දෙනකු අතුරුදන්ව ඇති බවත් සඳහන් වේ.
කඳුකරයේ පසුගිය දින කිහිපයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හිම කුණාටු ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබුණ ද එය නොතකමින් බොහෝදෙනා කඳුකරය වෙත ගොස් සිටි බව බලධාරීහු පවසති.
ඉරානයේ අසර්බයිජාන දේශ සීමාවේ සිට කැස්පියන් වෙරළ තීරය ඔස්සේ දිවෙන ඇල්බෝර්ස් කඳුවැටිය, කඳු නගින්නන් හා හිම ක්‍රිඩා කරන්නන් අතර ජනප්‍රිය ස්ථානයකි.
Reply To:
Name - Reply Comment
0 Comments