Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඕස්ට්‍රේලියාවේ වනාන්තරවල ලැව්ගිනිවලට හසු වී, තුවාල ලබා, පිළිස්සී  සිටින කෝලා සතුන් බේරාගැනීම සඳහා එරට විද්‍යාඥයින් විශේෂයෙන් ඉව ඇල්ලීමට පුහුණු කරන ලද සුනඛයන් යොදාගෙන තිබේ.

පසුගිය වසරේ ග්‍රීෂ්ම සෘතුවේ සිට මේ වසරේ මුල් භාගය දක්වා සුනඛයන් යොදාගැනීමෙන් කෝලා සතුන් 100කට වැඩි පිරිසක් බේරාගැනීමට හැකි වී ඇතැයි පැවසේ. මේ සඳහා චාලි, බිලී ජීන්, බෙයා, මායා සහ බැක්ස්ටර් යනුවෙන් නම් කරන ලද සුනඛයන් යොදාගෙන ඇත.

මේ වසරේ අවසාන මාස කිහිපයේ දී එළඹෙන ග්‍රීෂ්ම සෘතුවේ ඇතිවිය හැකි ලැව් ගිනි පාලනය කිරීමට මුදවාගැනීමේ නිලධාරීන් සූදානම්ව සිටින අතර,  හෙක්ටයාර ගණනක් පුරා වෙසෙන කෝලා සතුන්ගේ වාසස්ථාන ලැව්ගිනි වලට හසුවිය හැකි බවට ඔවුහු අනතුරු අඟවති. ඕස්ට්‍රේලියාවේ ක්වීන්ලන්ඩ් ප්‍රදේශයේ ලැව්ගිනිවලට හසු වූ කෝලා සතුන් බේරාගැනීම සඳහා වැඩි දක්ෂතාවක් පෙන්වූ 'බෙයා' නම් සුනඛයා නැවත යොදාගැනීමට නියමිතය.

ඉකුත් වසරේදී ක්වීන්ලන්ඩ් සහ නිව් සවුත් වේල්ස්හි සිටි කෝලා සතුන් ගණනක් ලැව් ගිනිවලින් මියගියහ. මේ ලැව්ගිනි හෙක්ටයාර් මිලියන 11ක භූමි ප්‍රමාණයක් දවා හළු කළ අතර, බිලියන ගණනක වනසත්තු මරුමුවට පත්වූහ. එබැවින් එය ඕස්ට්‍රේලියාවේ 'කළු ග්‍රීෂ්මය' යනුවෙන් නම්කෙරිණි.කෙසේනමුත්, බේරාගන්නා සෑම කෝලා සතෙකු ම ගණනය කරන බවද පැවසේ.
එළඹෙන වසන්ත සෘතුව වැසිසහිත එකක් වනු ඇතැයි ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යංශය බලාපොරොත්තුව සිටියි.
( ඇසුරිනි)
ඩිල්ෂානි චතුරිකා දාබරේ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.