පාකිස්තානයේ විනාශ කළ ගාන්ධාර ශිෂ්ඨාචාරයට අයත් බුදු පිළිමය
- 2020-07-20 17:21:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාකිස්තානයේ වයඹදිග කයිබර්-පක්තුන්ක්වා පළාතේ, මර්දාන් දිස්ත්‍රික්කයේ තඛට් භායිහි ඉදිකිරීම් කම්කරුවන් විසින් කැබලිවලට කඩා දැමූ බුදු පිළිමය ගාන්ධාර ශිෂ්ටාචාරයට අයත් වසර 1700ක් පමණ පැරණි බුදු පිළිමයක් බවත් පාකිස්තාන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
පාකිස්තානය කයිබර්-පක්තුන්ක්වා පළාතේ කෘෂිකාර්මික ගොවිපලක කැණීමකදී මෙම පිළිමය හමුවී ඇති අතර එය විනාශ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ප්‍රා දේශීය මව්ලව්වරයෙකුගේ නියෝග අනුගමනය කර ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
පුරාවිද්‍යා හා කෞතුකාගාර අධ්‍යක්ෂවරයෙක් වන අබ්දුස් සමද් ඛාන් පවසන්නේ විනාශ වූ පිළිමයේ කැබලි එහි පුරාවිද්‍යාත්මක වටිනාකම තක්සේරු කිරීම සඳහා සොයා ගෙන ඇති බවයි.
"පෙනෙන විදිහට එය ඉපැරණි එකක්. අපට එය නැති වුණා" ඔහු පැවසීය.
ප්‍රතිමාව විනාශ කිරීම අපරාධයක් ලෙස හැඳින්වූ සමද්, “ඕනෑම ආගමකට අගෞරව කිරීම නොඉවසිය හැකියි” බව පැවසීය.
කයිබර් පක්තුන්ක්වා හි පැරණි නම ගන්ධාරා වන අතර මෙම කලාපය බුද්ධාගමේ අනුගාමිකයින් සඳහා ඉතා ගෞරවයට පාත්‍ර වූ ස්ථානයකි.
තඛත් භායි යනු මීට වසර 1,000 කට පමණ පෙර නූතන පකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය පුරා විහිදී ගිය බෞද්ධ ගාන්ධාර රාජධානියේ කොටසකි. එය ශ්‍රී ලංකාව, කොරියාව සහ ජපානය යන රටවල සංචාරක ගමනාන්තයක් වන අතර එය ගාන්ධාර ශිෂ්ඨාචාරයේ කොටසක් වූ බැවින් ඉතිහාසයෙහි ලේඛනගත කර ඇති මුල්ම නාගරික ජනාවාසවලින් එකකි.
Reply To:
Name - Reply Comment
0 Comments