Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

උතුරු ඇමෙරිකාවේ රොකී කඳුවැටිය ආශ්‍රිතව වට වර්ෂාවෙන් ලබාගත් ජලබින්දු සාම්පල පරීක්ෂා කිරීමේදී ඒවායේ තිබී ප්ලාස්ටික් තන්තු, කෙදි, කැටිති, කැබලි, ගුලි ආදිය සොයාගත් බව ඇමෙරිකානු භූගෝලීය සමීක්ෂකයකු වන ග්‍රෙගරි වෙදබී මහතා පවසයි.

“මම බලාපොරොත්තු වුණේ ඒවායේ විවිධ වර්ණයේ ප්ලාස්ටික් කෙඳි තියේවි කියලා නෙමේ, පස් සහ රසායනික සංයෝග තියේවි කියලායි” යැයිද ඔහු කීය.

“අප කළ පර්යේෂණ අනුව ඇමෙරිකානු ජනතාවට දෙන්න පුළුවන් වැදගත්ම ප්‍රතිඵලය නම්, දැන් සෑම තැනකම ඇසට නොපෙනන තරම් ප්ලාස්ටික් පවතින බවයි. ඒවා වැහිබිදුවල, හිමවල පවා තිබෙනවා. දැන් ප්ලාස්ටික් පරිසරයේම කොටසක් බවට පත්වෙලා” යැයිද ඔහු කීය.

ඔහු කළ සෙසු පර්යේෂණවලට අනුව ප්ලාස්ටික් අංශු සුළගින් දහදහස් ගණනින් කිලෝමීටර ප්‍රමාණයක වුව සංචරණය විය හැකි බවද, සාගරවල ගැඹුරුම ස්ථානවලින්, ගංගා, ඇළවල් ආදී ඇමෙරිකාවේ භූගත ජල පද්ධතිවලින් ගත් සාම්පලවල පවා සියුම් ප්ලාස්ටික් අංශු තිබූ බවද සොයාගෙන ඇත.

“ප්ලාස්ටික් 90%ක් ප්‍රතිචක්‍රීකරණය කරන්නේ නැහැ. මේනිසා ඒවා කුඩා කොටස්වලට කැඩී යනවා. ඔබ ඇඳුම් සෝදන සෑමවිටකම ප්ලාස්ටික්මය කෙඳි ඒවායින් පිටවෙනවා. නිෂ්පාදන කම්හල්වලින් නිකුත් වන අතුරුඵල තමයි ප්ලාස්ටික් අංශු කියන්නේ” යැයි ප්ලාස්ටික් අංශු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ෂෙරී මේසන් මහත්මිය කියයි.  (ද ගාඩියන් ඇසුරිනි) ඩිල්ෂානි චතුරිකා දාබරේ)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.