කෑගලූ බාලිකා මහා විද්‍යාලයේ ක්‍රීඩා ජයග්‍රහණ ලද සිසුවියන් ඇගයේ
- 2018-12-03 15:56:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කෑගලූ බාලිකා මහා විද්‍යාලයේ ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ ලබා ගත් ශිෂ්‍යාවන් තිදෙනෙකු ඇගයීම සහ සූර්ය බලශක්ති පද්ධතිය විද්‍යාලයේදී විවෘත කිරීමේ උත්සවයක් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරැණු බව විදුහල්පතිනි චන්දිමා හිමාලි තෙන්නකොන් මහත්මිය ප්‍රකාශ කළාය.
පළමුව විද්‍යාලයේ තූර්ය වාදන කණ්ඩායම විසින් ආරාධිත අමුත්තන් පිරිස ප්‍රධාන දොරටුව අභියස සිට විද්‍යාලයට කැඳවා විද්‍යාලයේ විදුහල්පති කාර්යාලය අසල ස්ථාපනය කරනු ලබන සූර්ය බලශක්ති පද්ධතිය විවෘත කරන ලදී. නැවත ආරධිත අමුත්තෝ විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට ගොස් ශිෂ්‍යාවන් ඇගයීමේ උත්සවයට සහභාගී වූහ. එහිදි 2018 මාලදිවයිනේදී පැවති මේස පන්දු තරගාවලියේදී රිදී පදක්කම හිමි කර ගත් නවින්දි ධනුෂ්කා සෙනවිරත්න, 2018 ඇල්බේනියාවේ ටියුරන් නගරයේ පැවති ලෝක පාසල් චෙස් ශූරතාවලියේදී රිදී පදක්කම හිමි කරගත් ඩී.ආර්.සෙතුමි සදෙව්දා පියතිලක ශිෂ්‍යාව හා 2017 තායිලන්තයේ බැංකොක් නුවර පැවති මේස පන්දු තරගාවලියේදී රිදී පදක්කම හිමි කරගත් චමීෂා තුෂාදි දුල්හාරි ශිෂ්‍යාවද අමාත්‍යවරයා අතින් ත්‍යාග සහ සහතික ලබා ගත්හ. අලුත්වැඩියා කළ විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාගාරය සිසු අයිතියට පැවරීමද මෙදින සිදුකෙරිණ.
මෙම අවස්ථාවට කෑගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.ඒ.ඩී.ආර්.හේමන්ත මහතා ඇතුළු විද්‍යාලයේ සහකාර විදුහල්පති, ගුරැ මණ්ඩලය ද එක්ව සිටියහ.
(දමුණුපොළ චමින්ද ජයලත්)
Reply To:
Name - Reply Comment
0 Comments