කරන්දෙණිය මැදි විදුහල් ‘හැරවුම් ලක්ෂය’(Turning Point) කෙටි චිත්‍රපටයට සම්මානයක්
- 2025-07-31 12:46:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු පළාත් සංස්කෘතික අමාත්‍යාංශය මගින් පවත්වන ලද කෙටි චිත්‍රපට තරගාවලියේ දෙවැනි ස්ථානය දිනා ගනිමින් රුපියල් ලක්ෂ තුනක ත්‍යාග මුදලක් හිමිකර ගැනීමට කරන්දෙණිය මධ්‍ය මහ විද්‍යාලයට හැකි විය.
විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව විෂය භාර අචාරිනී සුභාෂිණී රත්නායක මහත්මියගේ රචනය සහ අධ්‍යක්ෂණය කර ඉදිරිපත් කරන ලද ‘හැරවුම් ලක්ෂය’(Turning Point) කෙටි චිත්‍රපටයට මෙසේ දෙවැනි ස්ථානය හිමි විය. මෙම චිත්‍රපටියේ රගපෑම්, විද්‍යාලයේ ගුරුවරුන් හා දරුවන් විසින් සිදුකරන ලද අතර වීඩියෝ ගතකිරීම්, ආලෝක කරන කටයුතු හා සංස්කරණ කටයුතු නාට්‍ය හා රංග කලා ඒකකයේ දරුවන් විසින්ම සිදුකර තිබේ.
විද්‍යාලයේ විදුහල්පති දිලිප් කුමාර, චිත්‍රපටයේ අධ්‍යක්ෂිකා සුභාෂිණී රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.
තමිදු මධුසර ලියනගේ - අහුන්ගල්ල
Reply To:
Name - Reply Comment
0 Comments