ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් මීරිගම බොකලගම ප්‍රාථමික විද්‍යාලය සංවර්ධනයට
- 2025-08-05 12:08:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමාජ සුභසාධන ව්‍යාපෘති වැඩ සටහන යටතේ මීරිගම බොකලගම ප්‍රාථමික විද්‍යාලය සංවර්ධනය කිරීමෙන් අනතුරුව සිසු අයිතියට පත් කිරීමේ උත්සවය ඉකුත්දා 3 ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවාවනිතා ඒකකයේ සභාපතිනි ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.
මෙම ව්‍යාපෘතිය යටතේ පාසල් බිමේ ඉදිරි තාප්පය ප්‍රති නිර්මාණය කිරීම , පාසලේ ඉදිරිපස භූමිය සංවර්ධනය කර ක්‍රීඩා උපාංග ස්ථාපිත කොට තීන්ත ආලේප කිරීම ,පාසල සඳහා ප්‍රධාන පීඨිකාවක් අලුතින්ම ඉදිකිරීම, සියලු පන්ති කාමර තීන්ත ආලේප කොට ප්‍රතිසංස්කරණය කිරීම, පාසල් වටා තාපය තීන්ත ආලේප කර ළමුන්ගේ දැනුම වර්ධනය වීමට උචිත පුවරු සවිකර පින්තූර සිතුවම් කිරීම, පාසල් ජල ටැංකි කුළුණ ප්‍රතිසංස්කරණය කිරීම., අබලන්ව පැවති පාසල් ගේට්ටුව අලුත්වැඩියා කිරීම සහ ගුරුබවතුන් සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම ඇතුළු පාසලේ සියලු අවශ්‍යතාවයන් නවීකරණය කිරීම සිදු කරන්නට සේවා වනිතා ඒකකය පියවර ගෙන තිබිණි.
මීරිගම ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෘෘප් කපිතාන් තුෂාර බණ්ඩාර මහතාගේ අධීක්ෂණය යටතේ මෙම සංවර්ධන කටයුතු සිදු කරනු ලැබ තිබිනි.
පාසල් දු දරුවන් විසින් සේවා වනිතා ඒකකයේ සභාපතිනිය හරසරින් පිළිගෙන තූර්ය වාදක කණ්ඩායම විසින් පාසල වෙත කැඳවාගෙන ඒමෙන් අනතුරුව උත්සවය පැවැත්විණි. මෙහිදී පාසල් දු දරුවන් තම දක්ෂතා එළිදක්වමින් විචිත්‍රවත් නර්තනාංග කීපයක් ද ඉදිරිපත් කෙරිණි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සියලු පාසල් දරුවන් හට පාසල් උපකරණ ලබාදීම ලබාදීමද සිදු කෙරිණි. විද්‍යාලීය විදුහල්පතිනි අයි.එස්.වීරසිංහ, මීරිගම ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් ,සිසු දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
Reply To:
Name - Reply Comment
0 Comments