මහනුවර අන්තර් පාඨශාලීය මාධ්‍ය දින ශූරතාව ගාල්ල මහින්ද විදුහලට
- 2025-07-23 17:24:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර විද්‍යාර් ත විද්‍යාලීය මාධ්‍ය ඒකක විසින් සංවිධානය කළ 2025 සමස්ත ලංකා අනත්ර් පාඨශාලීය මාධ්‍ය දින තරගාවලියේ සම්මාන සහතික ප්‍රදානය පසුගියාදා මහනුවර දිස්ත්‍රික් මහ ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී ජ්‍යෙෂ්ඨ අධ්‍යාපඥ ආචාර්ය බන්දුල පී දයාරත්න සහ අධ්‍යාපනය සඳහා පුවත්පත් වැඩසටහනේ මාධ්‍ය අධ්‍යාපන උපදේශක තිලක් සෙනෙවිරත්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
විදුහල්පති කර්නල් ආර්.පි. මායාදුන්නේ මහතාගේ අපදෙස් පරිදි මාධ්‍ය ඒකකය භාර ආචාර්ය කුමාරි විජේසිංහ මහත්මිගේ මෙහෙවීමෙන් මාධ්‍ය ඒකකය විසින් සංවිධානය කර තිබිණ.
තරගාවලියේ සමස්ත ශූරතාව ගාල්ල මහින්ද විද්‍යාලයට හිමි වූ අතර අනුශූරතාව මහනුවර ධර්මරාජ විද්‍යාලය විසින් දිනා ගත් අතර තෙවැනි ස්ථානය මහනුවර මහමයා බාලිකා විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී.
ඡායරූප ඉදුවර ජයවර්ධන - ප්‍රතිභා සෝමවීර (විද්‍යාර් ත විද්‍යාල මාධ්‍ය ඒකකය)
Reply To:
Name - Reply Comment
0 Comments