බාදුරාගොඩ ධර් මශෝකයට නර් තන ජය
- 2025-07-24 14:00:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය යටතේ 2025 බස්නාහිර පළාත් නර්තන තරග සදහා බාදුරාගොඩ ධර්මාශෝක මහා විද්‍යාලයෙන් තරග ඉසවු තුනක් සදහා ඉදිරිපත්වු තර්නත කණ්ඩායම් පලමු, දෙවැනි හා තෙවැනි ස්ථාන දිනාගනිමින් විදුහල් ඉතිහාසයේ වාර්තාවක් පිහිටුවා ඇත.
ඉකුත්දා හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේදී බස්නාහිර පලාත් තරග පැවැත්විනි. බාදුරාගොඩ ධර්මාශෝක මහා විදුහලෙන් ඉදිරිපත් කළ ඒකල ගැහැනු මගුල් බෙර වාදනය ප්‍රථම ස්ථානය දිනා ගනු ලැබීය. ඩිලාෂා හනත්මිණි ගුණතිලක හා එම්.දැහැමි උත්තරා සිසුවියන් මෙම ජයග්‍රහනයට හිමිකම් කීය.
සමූහ උඩරට ගැහැනු - උකුසා වන්නම සදහා දෙවැනි ස්ථානයද , සමූහ කණිෂ්ඨ පිරිමි - හනුමා වන්නම, තරගාවලියේ තෙවැනි ස්ථානයද දිනා ගැනීමට සමත්වී ඇත.
නර්තනාචාර්ය යසන්ති ජයමහ මහත්මිය සහ නර්තන ආචාර්ය ප්‍රියන්ත රෝහණ මහතා සමග සංවර්ධන නිලධාරිණී දුෂානි අතාවුද මහත්මිය ගේ කැපවීම මත විද්‍යාලීය දරුදැරියන් දක්ෂතා පෙන්වීම නිසා මේ වසරේ ජයග්‍රහ ත්‍රිත්වයක් ලබා ගැනීමට හැකිවූ බව විදුහල්පති සාලිය මුණසිංහ මහතා සදහන් කලේය.
පලමු ස්ථානය දිනූ සිසුවියන් දෛනා විදුහල්පති හා ගුරුවරුන් සමග
දෙවැනි ස්තානය දිනාගත් කන්ඩායම
තෙවැනි ස්තානය දිනාගත් කන්ඩායම
මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
Reply To:
Name - Reply Comment
0 Comments