Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බප මතු ළිහිණියාව ද්විතීක කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට විද්‍යාලයේ විදුහල්පතිනී ඉන්දිකා චාන්දනී මහත්මියගේ උපදෙස් පරිදි ආචාර්ය මණ්ඩලය කටයුතු කර තිබුණි.

මේ සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන්  වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කේ.පී. එල්. රෝෂිණී මහත්මිය මතුගම ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ශ්‍රියා ජයරාණි මහත්මිය ද එක්ව සිටි අතර මෙහිදී සිසුන් තිස් අට දෙනෙකු වෙත නිල ලාංඡන පැළඳවීම සිදුකෙරිණි.

 ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන්ම පහන් නිම්සර සිසුවාද  ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් ප්‍රමිදු අනුහස් නුවන්ජන සිසුවාද ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වශයෙන් කාව්‍යා සෙව්වන් දි සිසුවිය ද උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වශයෙන් සුභාවි සෞන්දර්යා සිසුවිය තේරී පත්වී විය. උත්සවයේ අලංකාරය පිණිස සෞන්දර්ය අංශයේ ආචාර්යවරුන් විසින් ප්‍රාසාංගික අංග රැසක් ද එක් කොට තිබූණි. සෙසු ආරාධිතයින් අතර විද්‍යාලයේ හිටපු ගුරු මහත්ම මහත්මීන් දෙපලක් වන නන්දන විජේසූරිය මහතා සහ ලක්මිණි ජයසේකර මහත්මිය ද එක්ව සිටි අතර අවට විද්‍යාලයන් රැසක විදුහල්පතිවරුන් රැසක් ද මේ සඳහා එක්ව සිටියේය පාසල් සංවර්ධන සමිතිසාමාජිකයින් සහ දෙමවුපිය එකමුතුව මේ සඳහා විශේෂ සහයක් ලබාදී තිබුණි.

(විශ්ව ගැමුණු පියංකර)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.