Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමය විසින් සංවිධාන කළ මයිලෝ පාසල් නෙට්බෝල් තරගාවලියේ සමස්ත ශූරතාව පිට පිට දෙවැනි වතාවටත් කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ දිනා ගැනීමට සමත්විය. මලියදේව ක්‍රීඩිකාවෝ මෙවර ශූරතාවලියේ 19න් පහළ, 15න් පහළ හා 13න් පහළ ශූරතා තුනම දිනා ගැනීමට සමත් වූහ.

වඩ්ඩු­කෝඩ්ඩේ යාපනය විද්‍යාලය පළමු වතාවට මේ තරගාවලියට පැමිණ 17න් පහළ 3 වැනි ස්ථානය දිනා ගැනීමට සමත්වීම ද විශේෂත්වයකි.

‘ඒ’ කාණ්ඩයේ අවු­රුදු 19න් පහළ තරගයේ අව­සන් මහා තර­ගය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය හා කළුතර ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය අතර පවත්වා ලකුණු 40 – 39ක තියුණු ජයක් හිමි­කර ගැනීමට මලියදේව ක්‍රීඩිකාවෝ සමත් වූහ.

අවු­රුදු 17න් පහළ අවසන් මහා තරගය මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය හා මහනුවර හිල්වුඩ් අතර පවත්වා ලකුණු 32 – 23කින් මහාමායා බාලිකා විද්‍යාලය ජය හිමිකර ගත් අතර, 15න් පහළ අව­සන් මහා තරගයේදී නුගේගොඩ අනුලා විද්‍යාලය ලකුණු 21 – 11ක් ලෙස පරාජය කිරීමට කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය සමත් විය.

කොළඹ දේවි බාලිකා විද්‍යාලය සමඟ පැවති අවු­රුදු 13න් පහළ අවසන් මහා තරගයෙන් ලකුණු 8 – 6ක් ලෙස කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය ජයග්‍රහණ හිමිකර ගත්තේය.

‘බී’ කාණ්ඩයේ අවු­රුදු 19න් පහළ තරගයේ ශූරතාව මාතලේ සුජාතා බාලිකා විද්‍යාලය හා අනුශූරතාව ගැට්ටුවාන මහින්ද විදු­හල දිනා ගත්තේය. එහි 17න් පහළ ශූරතාව කුරුණෑගල මහින්ද විද්‍යා­ලය, අනුශූරතාව කුලියාපිටිය මොලඑළිපිටිය කනිෂ්ඨ විදුහලට හා15 න් පහළ ශූරතාව පාදෙනිය සුනන්ද මහා විද්‍යාලය, අනුශූරතාව උඩිස්පත්තුව කනිෂ්ඨ විදුහල දිනා ගත්තේයමාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී ඊයේ නිමා වූ මයිලෝ ශූරතා පාසල් නෙට්බෝල් තරගාවලියේ සමස්ත ශූරතාව පිට පිට දෙවැනි වතාවටත් කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ දිනා ගත්තේය. ක්‍රීඩි­කාවෝ මෙවර ශූරතාවලියේ 19න් පහළ, 15න් පහළ හා 13න් පහළ ශූරතා තුනම දිනා ගැනීමට සමත් වූහ. 19න් පහළ දක්ෂ­තම ක්‍රීඩිකාවට හිමි සම්මානය මලියදේව බාලිකා විද්‍යාලයේ භාෂිණී උඩ‍ගෙදර හිමිකර ගත්තාය.

13න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මලියදේව බාලිකාවේ ශෙයාරා දහම්සි, 15න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මලියදේව බාලිකාවේම සෙණුමි නිමන්සා හා 17න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ අයෝධ්‍යා අලවත්තේගම සම්මානයට පාත්‍ර වූහ.
වසර 13ක් අඛණ්ඩව ශූරතාව දිනා සිටි කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය මෙවර තරගාවලියේ මූලික වටයෙන් ඉවතට යෑම කැපී පෙනිණි. වඩ්ඩු­කෝඩ්ඩේ යාපනය විද්‍යාලය පළමු වතාවට මේ තරගාවලියට පැමිණ 17න් පහළ 3 වැනි ස්ථානය දිනා ගැනීමට සමත්වීම ද විශේෂත්වයකි.

31st Nestle Milo Sri Lanka Schools Netball 

ChampionshipMaliyadeva Balika Vidyalaya Kurunegala emerged overall Division A champions at the 31st Nestle Sri Lanka Schools Netball Championship concluded at the Uyanwatta Stadium, Matara yesterday.
Mahinda Vidyalaya Gettuwana were the overall Division B champions.
The championship was organised by the Sri Lanka Schools Netball Association under the guidance of the Ministry of Education and sponsored by Nestlé Milo. Over 4,000 young netball players from 800 schools across the country took part in the three-day championship played in two divisions (A and B divisions) in four age groups Under 13, Under 15, Under 17 and Under 19.

Championship winners


Division A overall champions - Maliyadeva Balika Vidyalaya Kurunegala
Division A Champions and Runners-up:
Under 13: Maliyadeva B.V. Kurunegala, Devi Balika Vidyalaya Colombo
Under 15: Maliyadeva B.V. Kurunegala, Anula Vidyalaya Nugegoda
Under 17: Mahamaya B.V. Kandy, Hillwood College Kandy
Under 19: Maliyadeva B.V., Kurunegala HFC Kalutara

Division A Most Outstanding Player:
Under 13: Sheyara Dahamdi Wijesuriya, Maliyadeva B.V. Kurunegala
Under 15: Senumi Nimansa, Maliyadeva B.V. Kurunegala
Under 17: Ayodya Alawattegama, Mahamaya B.V. Kandy
Under 19: Bhashini Udagedara, Maliyadeva B.V. Kurunegala
Division B overall Champions – Mahinda Vidyalaya Gettuwana

Division B Champions and Runners-up:
Under 15: Sri Sunanda M.V. Padeniya, Udispattuwa Primary School
Under 17: Mahinda MMV Gettuwana, Molaelapitiya Primary School, Kuliyapitiya
Under 19: Sujatha B.V. Matale, Mahinda Vidyalaya, Gettuwana

Division B Most Outstanding Player:
Under 15: S.P.K.N. Gunathilake, Sunanda M.V. Padeniya
Under 17: Ransi Wijewardane, Mahinda Vidyalaya, Gettuwana
Under 19: Bhawathra Kavindi Amarasuriya, Sujatha B.V. Matale

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.