අගමැති මෝදිගේ පළමු විදෙස් සංචාරය
- 2019-06-11 15:20:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම්දීමෙන් පසු සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉකුත් 8 සහ දෙදින මාලදිවයින දූපත් රාජ්‍යයේත් ශ්‍රී ලංකාවේත් සංචාරයක නියැලුණේය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පළමුවෙන් ගියේ මාලදිවයිනටය. ඔහු ආපසු ඉන්දියාව බලා යද්දී ශ්‍රී ලංකාවට පැමිණියේ 9 වැනිදා, පැය කිහිපයක් සඳහාය.
මාලදිවයිනට ගිය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මාලදිවයින ජනාධිපති ඊබ්‍රහීම් මොහොමද් සෝලි ප්‍රමුඛ රජයෙන් හිමිවූයේ ඉහළ පිළිගැනීමකි. අගමැති මෝදි වෙනුවෙන් හමුදා උත්තමාචාර ද පැවැත්විණි. සෝලි මාලදිවයිනේ ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ පසුගිය වසරේ නොවැම්බරයේය. දිවුරුම්දීමේ අවස්ථාවට විශේෂ අමුත්තා ලෙස ආරාධනා ලැබ පැමිණියේ ඉන්දීය අගමැති මෝදිය. මැතිවරණයේදී සෝලි කියා සිටියේ තමා ජනපති ධුරයට පත් වුවහොත් ඉන්දියාවට වඩාත් සමීප වන බවය. සෝලි ඉන්දීය හිතවාදියෙකි. රාජ්‍ය තාන්ත්‍රික, වෙළෙඳ සහ ආරක්ෂක සබඳතා තරකර ගැනීමට ජනාධිපති සෝලි සහ අගමැති මෝදි අතරේ සාකච්ඡා කෙරුණි. ඊට අමතරව, මාලදිවයිනේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ද විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. මාලදිවයින ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වීමට උත්සාහ ගනිමින් සිටින බවත්, මාලදිවයිනේ ක්‍රිකට් ජනප්‍රිය කිරීමට ජනාධිපති සෝලිගේ ඇති සිහිනය සැබෑ කරදීමට ඉන්දියාවේ සහාය හිමිවන බවත් අගමැති මෝදි පෙන්වා දුන්නේය.
මාලදිවයිනේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අගමැති මෝදි සහ ජනාධිපති සෝලි අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි. ‘මගේ මිතුරා සෝලි ක්‍රිකට් ලෝලියෙක්. ඔහු ඉන්දීය කණ්ඩායමේ රසිකයෙක්.’ යැයි මාධ්‍ය හමුවේ පවසමින්, ආරම්භ වූ ලෝක කුසලානයට සහභාගී වන ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ අත්සන් ඇතුළත් ක්‍රිකට් පිත්තක් ද අගමැති මෝදි, මාලදිවයින ජනාධිපතිවරයාට තෑගි කළේය. මාලදිවයිනේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයේ විශේෂ නියෝජිතයන් සහ පුහුණු කණ්ඩායමක් ඉදිරියේදී මාලදිවයිනට පැමිණෙනු ඇති බවත්, මාලදිවයිනේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට ඉන්දියාවේ සහාය ලැබෙනු ඇති බවත් අගමැති මෝදි පෙන්වා දුන්නේය. ඊට අමතරව, ඉන්දියාවත් මාලදිවයිනත් අතර මගී පාරු සේවාවක් ආරම්භ කිරීම කෙරෙහි ද නායකයෝ දෙදෙනා සාකච්ඡා පැවැත්වූහ.
මාලදිවයිනේ ඉහළම ගෞරව සම්මානය වන ‘නිෂාන් ඉසුද්දීන්’ සම්මානය මෝදිට පිරිනැමීමට මාලදිවයින ජනපතිවරයා කටයුතු කළ අතර, සම්මානය පිරිනැමීම සිදුවූයේ මාලේ අගනුවර ජනරජ චතුරස්‍රයේදී පැවැත්වුණු විශේෂ උත්සවයකදීය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මාලදිවයින පාර්ලිමේන්තුව (මජිලිස් මන්ත්‍රණ සභාව) ද ඇමැතීය. එහිදී කලාපීය ආරක්ෂාව ගැන සඳහන් කරමින් මෝදි කියා සිටියේ රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක ත්‍රස්ත කල්ලි කලාපීය ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවය.
මෝදි මෙසේ කියා සිටියේ ඉන්දියාවට පමණක් නොව මුළු මහත් ආසියාවටම තර්ජනයක් වූ පාකිස්තානයේ ක්‍රියාත්මක ඉස්ලාමීය ත්‍රස්ත කල්ලි සම්බන්ධයෙනි. පාකිස්තානයේ ක්‍රියාත්මක එම ත්‍රස්ත කල්ලිවලට පාකිස්තාන රජයේ අනුග්‍රහය හිමිවන බව පැවැසෙයි. සෝලිට පෙර මාලදිවයිනේ ජනාධිපති වූ අබ්දුල්ලා යමීන් සහ ඔහුගේ රජය ඉන්දියාව සමඟ යහපත් සබඳතා පැවැත්වූයේ නැත. යමීන්ගේ රජය ඉන්දියානුවන්ට වීසා ලබා දීම සම්බන්ධයෙන් දැඩි නීති පැනැවීය. ඉන්දියාව සමඟ පැවැති නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් ඉවත්වී චීනය සමඟ වෙළෙඳ ගිවිසුම් ඇතිකර ගත්තේය. සෝලි ජනපති ධුරයට පත්වීමෙන් පසු ඒ සියල්ල වෙනස් විය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
Reply To:
Name - Reply Comment
0 Comments