උතුරු ඉන්දියාවේ 'කාන්පුර්' නගරයේ අපූරු කෑම බැංකුවක්
- 2018-06-12 01:20:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උතුරු ඉන්දියාවේ 'කාන්පුර්' නගරයේ අපූරු කෑම බැංකුවක් ආරම්භ කර තිබේ. මේ සඳහා මුල් වී කටයුතු කර ඇත්තේ එරට පුණ්‍යායතනයක් විසින් බව වාර්තා වෙයි.'කාන්පුර්' නගරයේදී විවෘත කරනු ලැබූ ගැලවුම්කරුගේ මුළුතැන්ගෙය නම් අරුත් දෙන මෙම ආහාර බැංකුව අඩු ආදායම්ලාභී පුද්ගලයින් සඳහා ප්‍රණීත ආහාර වේලක රස බැලීමට අවස්ථාව සලසා ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරයි.
මෙම අපූර්ව බැංකුව මගින් ශත 7 සිට 22 දක්වා මිළ ගණන් යටතේ ආහාර ලබාගැනීමේ හැකියාව පවතියි. ආරම්භක දිනයේම විශාල පිරිසක් මෙම ආහාර බැංකුව වෙත පැමිණ සිටි අතර මොවුන් අතුරින් බොහෝ දෙනෙක් කම්කරුවන් සහ නිවාස අහිමි පුද්ගලයින් බව සඳහන් වෙයි.
මෙහි සමාරම්භක අවස්ථාව සඳහා සහභාගී වූ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත කැබිනට් අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළේ මෙවැනි කර්තව්‍යකට මුලපිරීම සම්බන්ධයෙන් අදාළ පුණ්‍යායතනයේ සංවිධායකයින්ට තමා ස්තූතිවන්ත වන බවයි.
දුගී ජනතාවගේ කුසගින්නට ප්‍රයෝගික වශයෙන් විසඳුම් සපයන මේ ආකාරයේ මුළුතැන්ගෙවල් විශාල වශයෙන් පවතින නමුත් ඉන්දියාව තවමත් මිලියන ගණනාවක් වූ ජනතාවගේ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා පුළුල් සුභසාධන ක්‍රමයක් ස්ථාපනය කිරීමට අපොහොසත් වී තිබේ.
ඉන්දියාවේ ආහාර අර්බුදයට දශක ගණනාවක දිගු ඉතිහාසයක් පවතින බවද විදෙස් වාර්තාවල සඳහන් වෙයි.
හින්දුස්ථාන් ටයිම්ස්...........
Pic-YouTube
( තිළිණි ද සිල්වා)
Reply To:
Name - Reply Comment
0 Comments