Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

රාවුල් කස්ත්‍රෝගෙන් පසු කියුබාවේ ජනපති ධුරය රාවුල්ගේ සමීපතම හිතවතා ලෙස කටයුතු කරන මිගුවෙල් දියාස් කැනෙල්ට පිරිනැමීමට කියුබානු පාර්ලිමේන්තුව අද තීරණය කළේයේ.
 
ඒ අනුව කස්ත්‍රෝ පවුලේ පාලනයෙන් කියුබාව ගිලිහී යනු ඇතැයි ද පැවැසෙයි.
 
2006 වසරෙ දී රාවුල් කියුබාවේ ජනාධිපති ධුරයට පත් වූයේ වැඩිමල් සොයුරු ෆිදෙල් කස්ත්‍රෝ අසනීප තත්ත්වයෙන් පසුවෙද්දීය. ෆිදෙස් කස්ත්‍රෝ සමුගත්තේ 2016 වසරේදීය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 90ක් විය. ෆිදෙල් කස්ත්‍රෝ මෙන්ම රාවුල් ද කියුබාව මෙහෙයවූ ජනතා වීරයන් ලෙස කියුබානු වැසියන් අතරේ පමණක් නොව ලොව පුරා ප්‍රකටය.
 
තමා නව ප්‍රතිසස්කරණ හඳුන්වා දෙමින් 2018 වසරේ දී ධුරයෙන් ඉවත් වී කස්ත්‍රෝ පවුලෙන් පිට කෙනකුට ජනාධිපති ධුරය පිරි නමන බව රාවුල් නිවේදනය කළේ පසුගිය වසරේදීය. 
 
නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් රාවුල් ජනපති ධුරයෙන් ඉවත් වුවත් කියුබාවේ කොමියුනිස්ට් පාලනය තව දුරටත් පවතිනු ඇතැයි ද පැවැසෙයි. රාවුල් කස්ත්‍රෝ පාලක කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ලෙස 2021 වසර තෙක් රැඳී සිටීමට නියමිතය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.