Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අභ්‍යවකාශ තාක්ෂණය අතින් අද වනවිට ඉන්දියාව ඉදිරියෙකන් සිටී. ඉන්දියාව 2008 දී සඳුගේ කක්ෂයට  ගවේෂණ යානයක් යවමින් පෙරැළියක් කළා පමණක් නොවෙයි, 2013 දී අඟහරුගේ කක්ෂයට ද සාර්ථකව ගවේෂණ යානයක් ද යැවීය. අති විශිෂ්ට ජනවරමකින් දෙවැනි වරටත් අගමැති ධුරයට පත්වුණු අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රතිඥා දී ඇත්තේ, ඉදිරි කාලයේ අභ්‍යවකාශ කටයුතු අතින් ඉන්දියාව ඉදිරියට පැමිණෙනු ඇතැයි කියාය. 2008 වසරේ ඇමෙරිකාවේ නාසා විද්‍යාඟයන් පවා මවිතයට පත් කරමින්, සඳුගේ කක්ෂයට යැවුණේ ‘චන්ද්‍රයාන් 1’ යානයයි. එම මෙහෙයුමේ සාර්ථකත්වයත් සමඟ ඉන්දියාව ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුම පසුගිය 22 වැනිදා ආරම්භ කළේය. ‘චන්ද්‍රයාන් 2’ සංකීර්ණ මෙහෙයුමකි. ඊට රොබෝ යානා 3 ක් ඇතුළත්ය. ගවේෂණ යානා රැගත් රොකට්ටුව ගුවන්ගත කෙරුණේ 22 වැනිදා ඉන්දියාවේ වේලාවෙන් සවස 2.40 ටය.

ප්‍රමාද වී ඇරැඹේ

‘චන්ද්‍රයාන් 2’ පසුගිය 15 වැනිදා ඉන්දියාවේ වේලාවෙන් අලුයම 2.51 ට ආරම්භ කිරීමට නියමිතව තිබුණි. ලොව බොහෝ දෙනකු 2019 ලෝක තුසලාන අවසන් තරගය නරඹමින් එංගලන්ත පිළි ලැබූ ජයග්‍රහණය ගැන කතාබහ කරද්දී, ඉන්දීය අගමැති මෝදි පමණක් නොව, ඉන්දියානුවන් බොහෝ දෙනකු අවදිවී නොඉවසිල්ලෙන් පසුවූයේ  ‘චන්ද්‍රයාන් 2’ යානය රැගත් බාහුබලී නමැති රොකට්ටුව ගුවන්ගත කරන තුරුය. කෙසේ නමුත් අවසන් මිනිත්තු 56 දී ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුමට අතහැර දැමුණි. ඒ, තාක්ෂණවේදීන්ට රොකට්ටුව උඩු ගුවනට විදීමට සැකැසූ වේදිකාවේ දෝෂයක් ඇති බව දැනගන්න ලැබීමෙනි. ඉන්පසු පසුගිය 22 වැනිදා යළි ‘චන්ද්‍රයාන් 2’ සාර්ථකව ආරම්භ කිරීමට හැකිවිය.

 

ඉස්රෝ මෙහෙයුම

ඉන්දියාවේ අභ්‍යවකාශ කටයුතු සිදු කරන්නේ ‘ඉස්රෝ’ හෙවත් ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයයි. ‘චන්ද්‍රයාන් 2’ සාර්ථක වුවහොත්, සඳ මතට යානා පතිත කරන සිවුවැනි රට වන්නේ ඉන්දියාවය. මේ වනවිට සඳට යානා යවා ඇත්තේ ඇමෙරිකාව, සෝවියට් දේශය, චීනය පමණි. සඳට මිනිසුන් යවා ඇත්තේ ඇමෙරිකාව පමණි. ඒ, මීට වසර 50 කට පෙර, ඇපලෝ 11 මෙහෙයුම යටතේය.

චන්ද්‍රයාන් 1

2008 දී, ‘චන්ද්‍රයාන් 1’ සඳට යැවීය. ‘චන්ද්‍රයාන් 1’ පතිත කරවන ගවේෂණ යානයක් නොවීය. එය සඳුගේ කක්ෂයට පිවිස, කක්ෂයේ සිට සඳ සිතියම් ගත කළේය. සඳේ ජල අංශු ඇතැම් පළමු වරට ලොවට අනාවරණය කළේ එම ‘චන්ද්‍රයාන් 1’ යානයයි. ‘චන්ද්‍රයාන් 1’ සඳ සිතියම් ගත කළේ රේඩාර් පද්ධතියක් යොදා ගනිමිනි. ‘චන්ද්‍රයාන් 1’ සේම ‘චන්ද්‍රයාන් 2’ යානය ද සම්පූර්ණයෙන් ම ඉන්දියාවේ නිෂ්පාදනයකි. මෙම මෙහෙයුම සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 140 ක මුදලක් වැය වන බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසා ඇත.

 

යානා 3 ක්

‘චන්ද්‍රයාන් 2’ යානය සඳේ දකුණු අර්ධගෝලයේ ස්ථානයකට ගොඩ බසිනු ඇති අතර, සඳේ පස් සහ පාෂාණ පරීක්ෂා කිරීමත්, ජල අංශුවල දත්ත ලබා ගැනීමත් සිදු කරනු ඇත. ‘චන්ද්‍රයාන් 2’ යානය කොටස් 3 කින් යුක්තය. ඊට කක්ෂගත යානයක්, පතිත කරවන යානයක් සහ සඳේ එහෙමහෙ යා හැකි රොබෝ රෝවර් යානයක් ද ඇතුළත්ය. ප්‍රධාන යානයෙන් වෙන්වන කක්ෂගත යානය සඳේ කක්ෂයට පිවිස කක්ෂයේ රැඳී සිටින්නේ සඳේ සිට සංඥා පෘථිවියට ලැබෙන්න සලස්වන අතරමැදියා ලෙසය.  සඳ මත පතිත කරවන යානය නම් කර ඇත්තේ ‘වික්‍රම්’ යනුවෙනි. රෝවර් යානය ‘ප්‍රාග්යාන්’ ය. එය ඇත්තේ ‘වික්‍රම්’ යානය තුළය. ‘ප්‍රාග්යාන්’ රෝවර් යානය රෝද 6 කින් සමන්විත කුඩා රොබෝ යානයකි. ඉන්දියාව ඔවුන්ගේ රොකට් උඩු ගුවනට විදීම සිදු කරනු ලබන්නේ ‘ශ්‍රී හරිකොත’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. ‘චන්ද්‍රයාන් 2’ රැගත්  බාහුබාලී රොකට්ටුව ටොන් 640 ක් බරින් යුක්තය. එහි උස අඩි 144 කි.

‘ද සන් ඇසුරිනි’

ලුසිත ජයමාන්න

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.