Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 

බීජිංහිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)

ජනාධිපතිධුරය දැරිය යුතු ධුර කාලය සම්බන්ධයෙන් තිබෙන සීමා ඉවත් කරමින් චීනයේ කොමියුනිසිට් පක්ෂය එරට ජනාධිපති ෂී ජින්පින්ග්ට දිගටම බලයේ රැඳි සිටීම සඳහා ඉරිදා (25) ඉඩකඩ සකසා දුන්නේය. සීමාවක් නොමැතිව බලයේ රැඳි සිටීමට මේ අනුව ෂී ජින්පින්ග් ජනාධිපතිවරයාට අවස්ථාව සකසා දෙමින් චීනයේ කොමියුනිස්ට් පක්ෂය දශක ගණනක් පැවැති නීතිරීති වෙනස් කළේය. මෙම නව සංශෝධන සමඟ චීනය මාවෝ සේතුංගේ සමයේ පැවැති ආගමික, වන්දනීය සහ කීකරු පාලන සමයට ගමන් කරන බව ‘නිව්යොර්ක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබිණි. 

ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා අදාළ යෝජනාව ඉදිරිපත් වූයේ ඉරිදා (25) වන අතර එය ෂී ජින්පින්ග් ජනාධිපතිවරයා ගන්නා ලද එඩිතරම තීරණයකි. ෂී ජින්පින්ග් ජනාධිපතිවරයා චීන සමාජය නවීකරණය කර චීනය ගෝලීය දේශපාලනයේ බලවතකු කරමින් චීනයට හිමි ස්ථානය සඳහා කොමියුනිස්ට් පක්ෂයේ පාලනය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියක නිරත වී සිටියි. මෙම වැඩපිළිවෙළ සඳහා ෂී ජින්පින්ග් ජනාධිපතිවරයාගේ පෞද්ගලික නායකත්වය ශක්තිමත් කළ යුතු යැයි ජනාධිපතිවරයාගේ මිත්‍ර පාර්ශව යෝජනා කර තිබේ. 

මතභේදාත්මක දකුණු චීන මුහුදේ අයිතිය චීනයට හිමිවිය යුතු යැයි ජනාධිපති ෂී ජින්පින්ග් අවධාරණය කර තිබේ. විසි එක්වැනි සියවසේ සේද මාවත සහ සාගර සේද මාවත, එසේ නැතිනම් ‘වන් බෙල්ට් වන් රෝඞ්’ ගෝලීය යටිත පහසුකම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ද චීන ජනාධිපති ෂී ජින්පින්ගේ නායකත්වය යටතේය. චීනය නවීකරණය කිරීමේ වැඩසටහන් රැසක පුරෝගාමියා වන්නේ ද චීන ජනාධිපති ෂී ජින්පින්ග්ය. ලෝක බල දේශපාලනයේ ප්‍රමුඛ පෙළේ චරිතයක් වන චීන ජනාධිපති ෂී ජින්පින්ග් කොමියුනිස්ට් සහ කොන්ෆියුසිස් මූලධර්මවලට මුල්තැන දී කටයුතු කරයි. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.