Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අත්ලාන්තික් සාගරයේ මුහුදු පතුලේ ඇති ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා සංචාරකයන් රැගෙන යෑමට එංගලන්තයේ සංචාරක ආයතනයක් සැලසුම් කර තිබේ.

විසිවැනි සියවසේ සිදුවූ වඩාත් ප්‍රසිද්ධම නාවික අපාදාව ලෙස සැලකෙන ටයිටැනික් නෞකාව මුහුදුබත් වීම 1912 වසරේදී සිදුවිය.සාගරය මතුපිට සිට සැතපුම් දෙකක් පමණ ගැඹුරු මුහුදේ ඇති ටයිටැනික් නෞකාවට සංචාරකයන් රැගෙන යෑම 2018 වසරේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

එංගලන්තයේ බ්ලූ මාබල් ආයතනය විසින් මෙම කාර්යය ආරම්භ කර තිබේ. මෙම සංචාරය සඳහා එක්පුද්ගලයෙකුගේ පිරිවැය ඩොලර් 105,129ක් බවට ගණන් බලා ඇති අතර, එය දින අටක චාරිකාවකි. කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලෑන්ඩ්වලින් මෙම ගමන ආරම්භ කර තිබේ.

මෙම සමාගම ඒ සඳහාම විශේෂයෙන් නිර්මාණය කළ විශේෂිත යානාවක්ද නිර්මාණය කිරීමට සූදානම් වෙයි. එහි පළමු චාරිකාව සඳහා වන ආසන සියල්ල මේ වනවිටත් අලෙවි කර අවසන්ව ඇතැයිද සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කරයි.

අත්ලාන්තික් සාගරයේදී අයිස් කුට්ටියක ගැටීමෙන් ටයිටැනික් නෞකාව ආපදාවට පත් වූ අතර, එයින් පුද්ගලයෝ 1500 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වූහ.

නිරෝෂා ප්‍රියදර්ශනී

120418052816-titanic-8-horizontal-large-gallery (1) 170321134835-titanic-tour-3-exlarge-169

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.