දකුණේ ඉල්ලීම උතුර පිළිගනියි
- 2018-01-05 14:17:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු කොරියාවේදී පෙබරවාරි මාසයේදි පැවැත්විමට නියමිතය සීත සෘතු ඔලිම්පික් තරගාවලිය සඳහා උතුරු කොරියාවෙන් කණ්ඩායමක් සහභාගි කර ගැනීමට අදාළ සාකච්ඡා ලබන සතියේදී පැවැත්විමට උතුරු කොරියාව එකඟ වී ඇතැයි දකුණු කොරියා මාධ්‍ය උපුටා දක්වමින් බී.බී.සී. පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
ඒ අනුව මෙම සාකච්ඡාව ජනවාරි 9 දා පැවැත්වීමට නියමිත අතර එහිදී උතුරු කොරියානු ක්‍රීඩකයන්ට දකුණු කොරියාවේ පැවැත්වෙන සීත සෘතු ඔලිම්පික් තරගාවලියට එක්විය හැකි අවස්ථා පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇත.
මේ පිළිබඳව මීට ඉහතදී අදහස් දැක්වූ.උතුරු කොරියා නායක කිම් ජෝන්ග් උන් සඳහන් කළේ තරගාවලියට කණ්ඩායමක් එක් කළ හැකිනම් එය මිනිසුන් අතර ඇති එකමුතුභාවය පෙන්වන්නක් බවයි.
දෙරටේ සාම සාකච්ඡා පැවැත්වෙන පැන්මුන්ජොන් හි මෙම සාකච්ඡාවද පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඉහළ ආරක්ෂාවක් ලබාදෙනු ඇතැය වාර්තා වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments