Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

උල්කා ගැටීමෙන් සිදුවූ ජීවී විනාශය ප්‍රකෘතිමත්වීමට වසර මිලියන ගණනක් ගතවූවා නම් වර්තමාන විනාශය යළි සැකසීමට කවර කලක් ගතවේද?

වර්තමානයේදී ලෝකය මුහුණ දී තිබෙන දේශගුණික විපර්යාස බලපෑම අදින් වසර මිලියන 60කට පෙරාතුව පෘථිවියෙන් ඩයිනෝසර සත්ත්වයන් වඳවීම සඳහා හේතු වුණු උල්කා ගැටීම හා සමාන තත්ත්වයක් බව විද්‍යාඥයන් පිරිසක් අනතුරු අඟවයි. ඒ අනුව මෙම විනාශයෙන් අනතුරුව යළිත් වරක් පෘථිවිය තුළ ජීවය බිහිවීම සඳහා තවත් වසර මිලියන ගණනාවක් ගත වූ බව ඔවුන් මෙහිදී පෙන්වා දෙයි.

අද වනවිට මෙම දේශගුණික විපර්යාස සඳහා වැඩි වශයෙන්ම හේතු වී ඇත්තේ මිනිසා විසින් ඇති කරන ලද පරිසර විනාශයන්ය. එහිදී වායු දූෂණය, සාගර ජල මට්ටම ඉහළ යාම මෙන්ම ජනාවාස විනාශය යන කරුණු මෙලෙස මහා පරිමාණ වඳවීමක් දක්වා ව්‍යාප්තවීමට හේතුවක් වෙනු ඇතැයිද විද්‍යාඥයන් පිරිස සිය අධ්‍යයනයේ සඳහන් කර තිබේ. ඒ අනුව ඉන් අනතුරුව පෘථිවිය තුළ යළිත් වරක් ජීවය බිහිවීම ඉතාමත් අසීරු තත්ත්වයක්ය යන්න ඔවුන් මෙහිදී පෙන්වා දෙයි.

විද්‍යාඥයන්ගේ සැලසුමට අනුව එදා ඇති වුණු මෙම තත්ත්වය අද පවතින තත්ත්වයට සමාන කරමින් ජුරාසික යුගයේ සිට වර්තමානය දක්වා පෘථිවිය යළි ප්‍රකෘතිමත් වීම සඳහා ගත වූ කාලය පිළිබඳව කරුණු දක්වා ඇත. ඒ අනුව සිදුවුණු මෙම වඳවීම වර්තමානයේ ලොව සිදුවෙමින් පවතින වඳවීම් සම්බන්ධයෙන් හොඳ දැනුමක් ලබා දෙන්නක් බවත්, දේශගුණික විපර්යාස, ජනාවාස අහිමිවීම සහ ආක්‍රමණශීලී විශේෂ සහ අනෙකුත් හේතුද ඊට බලපා ඇති බවත් පවසා සිටියි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.