.
යැන්ගොන්හිදීය (රොයිටර්)
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අද (27) බුරුමය හෙවත් මියන්මාරයට සැපත්වූහ. ලොව බහුතරයක් වෙසෙන කතෝලිකයන්ගේ ‘රෝමානු කතෝලික පල්ලියේ’ නායකයා වන පාප්වහන්සේ බෞද්ධයන් බහුතරයක් වෙසෙන මියන්මාරයට පැමිණියේ එරටට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් වාර්ගික සුද්දයක් කරන බවට චෝදනා එල්ල වී තිබෙන මොහොතකය.
මියන්මාරයේ ජීවත්වන මුස්ලිම් ජනකොටසක් වන රොහින්ග්‍යාවරුන් ඉලක්ක කරගනිමින් එරට හමුදාව ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරයි. එහෙත් තමන් මෙහෙයුම් දියත් කර තිබෙන්නේ සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව බව මියන්මාර හමුදාව ප්‍රකාශ කරයි.
මියන්මාර සංචාරයෙන් පසු පාප්වහන්සේ බංග්ලාදේශයේද සංචාරය කිරීමට නියමිතය. ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් රොහින්ග්‍යාවරුන් 620.000 වැඩි සංඛ්‍යාවක් බංග්ලාදේශයට පලාගොස් සිටිති. රොහින්ග්‍යා අර්බුදය මානව සංහතියට එරෙහිව කරන අපරාධයක් යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දී තිබේ.