පිළිගත් වෘත්තිකයින්ට එමීරයෙන් දිගු කාලීන වීසා !
- 2018-05-28 17:02:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණෙන් ආයෝජකයින් ,වෛද්‍යවරු ඇතුලු පිළිගත් වෘත්තිකයින් සඳහා වසර 10 කාලයකට දිගු කාලීන රැකියා වීසා බලපත්‍ර ලබා දීමට එරට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
ඊයේ (20) අබුඩාබි නුවරට රැස්වූ එරට අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික තීරණයකට අනුව මෙලෙස දිගු කාලීන වීසා ලබා දීමට තීන්දු කර තිබේ. එසේම මෙම දිගු කාලීන වීසා බලපත් එරට පැමිණෙන දක්ෂතා සහිත විදෙස් සිසුන් වෙත ලබා දිය යුතු බවද මෙහිදී තීරණ වී ඇත.
සිය රටෙහි අයෝජනය සඳහා පැමණෙන සියයට සියයක මූල්‍ය දායකත්වයක් ලබා දෙන ජාත්‍යන්තර ආයෝජකයින්ට මෙවැනි ප්‍රතිලාභ ලබා දිය යුතු බවත් එක්සත් අරාබි එමීර්යේ අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මොක්ටුම් විසින් මෙම අමාත්‍ය මණ්ඩල යෝජනාව ඉදිරිපත් කර තිබේ.
( තිළිණි ද සිල්වා )
ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.....
Reply To:
Name - Reply Comment
0 Comments