ප‍්‍රංශයේ ලාබාලතම ජනපති
- 2017-05-09 15:27:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප‍්‍රංශ දේශපාලන කරළියේ වඩාත් සමච්චලයට ලක්වුණු චරිතය වූ ඔහු අද කවුරුත් මවිතයට පත් කරමින් ප‍්‍රංශයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී සිටී. 39 හැවිරිදි, දේශපාලනයට ආධුනික, ඉමැනුවෙල් මැක්රොන් ජනපති ධුරයට පත් වූයේ පසුගිය 7 වැනිදා පැවැති ප‍්‍රංශ ජනපතිවරණයේ දෙවැනි වටයෙන් සියයට 65.5ක ඡුන්ද ප‍්‍රතිශතයක් දිනා ගනිමිනි. ඒ අනුව, ප‍්‍රංශ ජනපති ධුරයට පත්වුණු ලාබාලතම ජනාධිපතිවරයා වන්නේ ද ඉමැනුවෙල් මැක්රොන්ය. මැක්රොන්, පසුගිය 14 වැනිදා ජනපති ධුරයේ දිවුරුම් දුන්නේය.
ස්වාධීන අපේක්ෂකයෙක්
මැක්රොන් දේශපාලන කරළියට පැමිණියේ ස්වාධීන මධ්‍යස්ථ අපේක්ෂකයකු ලෙසය. පසුගිය 7 වැනිදා පැවැත්වූයේ ප‍්‍රංශ ජනාධිපතිවරණයේ දෙවැනි වටයයි. ඡුන්ද ප‍්‍රකාශ කිරීමට ප‍්‍රංශයේ වේලාවෙන් උදෑසන 8 ට ආරම්භ විය. ප‍්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටය අපේ‍්‍රල් 23 වැනිදා පැවැත්වුණු අතර අපේක්ෂකයෝ 11 දෙනෙක් ඊට ඉදිරිපත් වූහ. කෙසේ නමුත් ඒ කිසිවකුටවත් සියයට 50 කට වැඩි ඡුන්ද ප‍්‍රතිශතයක් දිනා ගැනීමට නොහැකි විය.
දෙවැනි වටය ජය ගනී
දෙවැනි වටයකට යෑමට සිදුවූයේ ඒ අනුවය. දෙවැනි වටයට ඉදිරිපත් වූයේ පළමුවටයෙන් ඉදිරියට ආ මැක්රොන් සහ අන්ත දක්ෂිණාංශික, පරිණත දේශපාලන චරිතයක් ද වන 48 හැවිරිදි ල පෙන් ය. ඇය, මැක්රොක්ට අභියෝගයක් විය. කෙසේ නමුත් අවසානයේ දී ඇයට ලබා ගත හැකි වූයේ සියයට 34.5 ක ඡුන්ද ප‍්‍රතිශතයක් පමණි. ප‍්‍රංශ දේශපාලනයේ ‘භූමිකම්පාවක්’ හටගත්තේ යැයි එරට දේශපාලන විශ්ලේෂකයෝ මැක්රොන්ගේ ජය වර්ණනා කර තිබේ.
වැඩි විස්තර සඳහා 2017 මැයි මස 16 වැනිදා විජය පුවත්පත කියවන්න
Reply To:
Name - Reply Comment
0 Comments