Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දකුණු ඇමෙරිකානු කාලාපයේ පිහිටි බොලිවියානු රාජ්‍යයේ ජනාධිපති එවො මොරාලෙස්ගේ නව ජනාධිපති මන්දිරය පසුගියදා උත්සවාකාරයෙන් විවෘත විය. එරට විශාලතම නගරය වන ලාපාස්හි ඉදිකර ඇති මෙම මන්දිරය මහල් 29කින් සමන්විත වෙයි. ජනතාවගේ මහා මන්දිරය (People’s Great House)හෙවත් Casa Grande del Pueblo ලෙස මෙය නම් කෙරී තිබේ. මේ සඳහා වැයවුණු සම්පූර්ණ වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 34 කි.

ස්පාඤ්ඤ යටත් විජිත පාලනයේ පැවැති පෞරාණික ගොඩනැගිලි අතරින් අහස උසට නැගුණු මෙම මන්දිරය නව බොලිවියාව නිරූපණය කරන බව මොරාලෙස්ගේ ආධාරකරුවන් පවසයි. කෙසේ වෙතත් මෙය නිකරුණේ මුදල් වියදම් කරමින් සිදුකළ අපරාධයක් බව එරට ඇතැම් ජනතාව සඳහන් කරයි.

මීටර් 120ක් උස මෙම නව ජනපති මන්දිරයේ ගෘහනිර්මාණ සැලැස්ම පසුගියදා එරට පුවත්පතක් හරහා හෙළිදරව් කෙරුණු අතර, ජකුසි, සවුනා ආදී පහසුකම් මෙන්ම ශරීරසුවතු මධ්‍යස්ථානයක් සහ සම්බාහන කාමරයක්ද මෙහි පිහිටුවා ඇත. එසේම ජනපතිවරයා සඳහා පෞද්ගලික උත්තෝලකයක් (ලිෆ්ට්) ද මෙහි පවතී.

ඉදිරිපස කොටස සම්පූර්ණයෙන්ම වීදුරුවලින් සකසා ඇති මෙම මන්දිරයේ ඉහළින්ම හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවිය හැකි පහසුකම් පවතී. එසේම එහි භූගතව මහල් තුනක්ද පවතින බව පැවසෙයි.

පුරා වසර 12ක් තිස්සේ බොලිවියාවේ ජනපති ධුරය දරන එමො මොරාලෙස්, එරට ස්වදේශීය ජනවර්ගයන් නියෝජනය කරමින් තේරීපත්වුණු පළමු ජනපතිවරයාද වෙයි. ඔහු මේ දක්වා තෙවතාවක් ජනපතිවරයා බවට පත්ව ඇත. ලබන වසරේදී පැවැත්වෙන මැතිවරණය සඳහාද ඔහු ඉදිරිපත් වීමට සූදාදනමින් සිටියි.

මෙතෙක් කලක් බොලිවියානු ජනපති මන්දිරය වූ ගිනිගත් මන්දිරය හෙවත් Burned Palace (Palacio Quemado) ද ඒ අසලම පිහිටා ඇත. මෙම මන්දිරය දෙවතාවක්ම ගින්නට හසුවීම එම නම ලැබීමට හේතුවයි. ස්පාඤ්ඤ ගෘහ නිර්මාණ ශිල්පය අනුව නිර්මාණය කෙරුණු මෙම මන්දිරය ඉදිරියේදී මෙය කෞතුකාගාරයක් බවට පත් කිරීමට නියමිතව තිබේ.

ජනපතිවරයාගේ මේ හැසිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයන්, මොරාලෙස් ජනපතිවරයාට අවශ්‍යව ඇත්තේ අමරණීයත්වයට පත්වීමට බවත්, ඒ සඳහා ඔහු කාටත් නොදෙවෙනි මන්දිරයක් තනා ගෙන ඇති බවත් පවසයි.

මේ අතරම එරට විපක්ෂ නායකවරයා අදහස් දක්වමින්, මෙම ගොඩනැගිල්ල පිළිකා රෝහලක් බවට පත් කළ යුතු බවත්, දකුණු ඇමෙරිකාවේ දුප්පත්ම රාජ්‍යයක් වන බොලිවියාවට එය අතවශ්‍යම අංගයක් බවත් පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් මෙම විවේචන ප්‍රතික්ෂේප කරන ජනපති මොරාලෙස්, මෙම ඉදිකිරීම හරහා නවාතැන් පහසුකම් වෙනුවෙන් වත්මන් රජය වැය කරන මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරි වන බව පවසා ඇත. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ සහ පරිපාලන කාර්යාල සඳහා මෙන්ම අමාත්‍යාංශ පහක් සඳහාද මේ වනවිට කාර්තුවක් සඳහා ඩොලර් මිලියන 20කට අධික කුලියක් ගෙවන බව ඔහු මෙහිදී සඳහන් කර තිබේ.

 [caption id="attachment_27383" align="alignleft" width="750"]Picture taken on June 18, 2018 showing the new headquarters of the Bolivian government in La Paz - a 120-metre-high building, to be inaugurated by President Evo Morales on June 21. / AFP PHOTO / Aizar RALDES[/caption]
 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.