මාලදිවයින් ජනපතිවරණයෙන් විපක්ෂ අපේක්ෂක සෝලීට ජය
- 2018-09-25 01:16:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාලදිවයින් ජනාධිපතිවරණයෙන් විපක්ෂ අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමඩ් සෝලී (Ibrahim Mohamed Solih) ජයගෙන ඇතැයි එරට විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශයට පත් කර තිබේ. ඊබ්‍රහිම් මොහොමඩ් සෝලී ඡන්ද 134,616 ක් හිමි කරගෙන ඇති අතර, වත්මන් ජනපති අබ්දුල්ලා යමීන්ට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව 96,132 කි. ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලබන 30 වන දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.(BBC)
" මාලදිවයිනේ ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයෙකි. වසර ගණනක් පුරා මාලදිවයින තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීම වෙනුවෙන් හඬ නැගූ පුද්ගලයෙකි. ඔහු මාලදිවයින් ප්‍රජාතන්ත්‍රනවාදී පක්ෂය, ජමූරී පක්ෂය සහ අධාලාත් පක්ෂය ඇතුළු විපක්ෂයේ පොදු ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත් විය. 2011 වසරේ සිට මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළේ ද, ඊබ්‍රහිම් මොහොමඩ් සෝලී ය."
Reply To:
Name - Reply Comment
0 Comments