මුහුදුබත් වූ සබ්මැරීනය වසරකට පසුව සොයා ගැනේ
- 2018-11-21 13:17:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නාවිකයන් 44 දෙනෙකු සමග අත්ලාන්තික් සාගරයේදී මුහුදුබත් වූ ආර්ජන්ටිනාවට අයත් ඒ.ආර්.ඒ. සැන් ජුආන් සබ්මැරීනය වසරකට පසුව හමුවුණු බව එරට හමුදා බලධාරීන් පසුගියදා පැවසීය. ඔවුන්ට අනුව සබ්මැරීනය මුහුදු මට්ටමේ සිට මීටර් 800කට වඩා ගැඹුරේ පවතින බව සඳහන් වෙයි.
ආර්ජන්ටියානු හමුදාව විසින් කොන්ත්‍රාත් පදනම මත සේවය ලබාගෙන ඇති ඇමෙරිකා එක්සත් ජනපදයේ ඕෂන් ඉන්ෆිනිටි නම් යාත්‍රාව මගින් සබ්මැරීනය මෙලෙස සොයා ගෙන තිබේ. අධික සීතලකින් යුතු මීටර් 907ක් ගැඹුරු මුහුදේ එය පවතින බව එහිදී නිල වශයෙන් නිවේදනය කෙරී ඇත.
මෙම ප්‍රවෘත්තිය සැලවීමත් සමගම එම සබ්මැරීනයේ රැඳී සිටි නාවිකයන්ගේ ඥාතීන් දැඩි ශෝකයට පත්වුණු බව මාධ්‍ය සඳහන් කරයි. ඊට පෙර දිනයේදී (15දා) මෙම ඥාතීන් එරට මාර් ඩෙල් ප්ලාටා හමුදා කඳවුරට රැස්ව සිය ආදරණීයන් සිහිකරමින් උත්සවයක් පවත්වා ඇතැයිද වාර්තා පවසයි.
2017 නොවැම්බර් 15 වැනිදා මෙම සබ්මැරීනය අත්ලාන්තික් සාගරයේදී අතුරුදන්විය. ඒ සම්බන්ධයෙන් බොහෝ කාරණා මතු වූ අතර, එක් වාර්තාවකට අනුව යාත්‍රාව අතුරුදන්වන මොහොතේදී එහි කපිතාන්වරයා විදුලිය ලුහුවත්වීමත් සම්බන්ධයෙන් දැන්වූ බවත්, එහි බැටරි කොටසට ජලය පැමිණීමක් පැවසූ බවටත් සඳහන්ව තිබුණි.(wmdjbm)
Reply To:
Name - Reply Comment
0 Comments