රුසියාව අවසානය දක්වා තරග කරාවි - පුටින්
- 2018-06-13 14:53:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිය කණ්ඩායම පාපන්දු පිටිය තුළ වර්තමානය තුළ විශාල ප්‍රතිඵලයක් ලබාගෙන නොමැති වුවත් මෙවර තරගාවලියේදී අවසානය දක්වා සටන් කරන බව රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් පවසයි.
රුසියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර ලෝක කුසලාන තරගාවලිය හෙට (14දා) ආරම්භ වීමට නියමිතය.
මෙවර තරගාවලියට කණ්ඩායමට 32ක් ක්‍රීඩා කරන අතර රුසියාව සත්තාකරක රට ලෙස තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය. කෙසේ වෙතත් ඔවුන් තරගාවලියට එක්වන කණ්ඩායම් 32 අතරින් ශ්‍රේණිගත කිරීම්හි පහළින්ම පසුවන කණ්ඩායමද වෙයි.
රුසියාවේ මොස්කව් නුවර පසුගිය වසරේ ඔක්තෝබර් 07 දා දකුණු කොරියාව සමග පැවැති සුහද පාපන්දු තරගයකින් ගෝල 4-2ක ජයක් වාර්තා කිරීමට සමත්වූ අතර එය ඔවුන් අවසන්වරට පාපන්දු පිටියේ ලබාගත් ජයග්‍රහණය වෙයි.
රුසියාව සිය පළමු තරගයට හෙට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. ඒ සෞදි අරාබි කණ්ඩායමට එරෙහිවය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments