Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ ජාතිය ඇමතීමට සැරසෙමින් සිටින බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. ඉරිදා පාලක සානු-පීඑෆ් පක්ෂයේ නායකත්වයෙන් පහ කරනු ලැබීමෙන් අනතුරුව, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ද මුණගැසුණු ජනාධිපතිවරයා එහිදී විශේෂ නිවේදනයක් කිරීමට නියමිතය. ජාතිය ඇමතීම වෙනුවෙන් තමන් සමග රැඳී සිටින්නැයි මුලින් විශේෂ නිවේදනයක් කළ රාජ්‍ය රූපවාහිනිය ඉන් අනතුරුව සවස ප්‍රවෘත්ති විකාශය කළේය. 

රොබට් මුගාබේ ගේ ඉතිහාසය කෙටියෙන් :

1924: ස්විම්බා දිස්ත්‍රික්කයේ උපත ලැබීය. පසුව ගුරුවරයෙකු ලෙසින් පුහුණුව ලැබීය.

1964: රොඩේෂියා ආණ්ඩුව විසින් සිරගත කරනු ලැබීම

1980: නිදහසින් පසුව රටේ පළමු මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබීම

1996: ග්‍රේස් මරුෆු සමග විවාහවීම

2000: ජනමත විචාරණයෙන් පරාජය වීම. මුගාබේ වාදී සන්නද්ධ කණ්ඩායම් සුදු ජාතිකයන්ගේ ගොවිපොළ ආක්‍රමණය කරති

2008: ජනපතිවරණයේ පළමු වටයේදී මෝගන් චන්ගිරායිට පරාජය වෙයි. එහෙත් සිය ආධාරකරුවන්ට ප්‍රහාර එල්ලවීම හමුවේ චන්ගිරායි මැතිවරණයේ දෙවැනි වටයෙන් ඉවත්වෙයි

(බිබිසී ලෝක පුවත් සේවය)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.