ලොම්බොක් භූකම්පනයේ මරණ 380 ඉක්මවයි?
- 2018-08-10 15:30:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපත් ආශ්‍රිතව පසුගියදා හටගත් රික්ටර් පරිමාණ 6.9ක භූකම්පනයෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 380 දක්වා ඉහළ නැගි බව එරට බලධාරින් පවසා සිටියේය. එසේම ඊයේ දිනයේදීත් රික්ටර් පරිමාණ 6.2කට ආසන්න භූකම්පනයක් මෙම දූපත ආසන්නයෙන් වාර්තා විය. එහිදී ගොඩනැගිලි රැසක්ම කඩා වැටීමට ලක්ව ඇතැයිද පැවසුණි.
ඉරිදා රාත්‍රියේ සිදුවූ භූකම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව පසුගිය අඟහරුවාදා දිනය වනවිට 131ක් ලෙස වාර්තා වූ අතර, බදාදා දිනයේදී මිය ගිය විශාල පිරිසකගේ සිරුරු සුන්බුන් අතර තිබී හමුවීමත් සමගින්ම මෙලෙස එම සංඛ්‍යාව ඉහළ නැංගේය. එසේම තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙන නිසා මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවටද ඉන්දුනීසියානු බලධාරීන් අනතුරු අඟවා තිබුණි.
භූකම්පනය හේතුවෙන් මේ වනවිට 156,000 ක පමණ පිරිසක් අවතැන් තත්ත්වයට පත්ව තිබේ. එසේම 1,400ක් පමණ බරපතල තුවාල ලබා ඇත. කෙසේ වෙතත් මිය ගිය පිරිසගේ සංඛ්‍යාලේඛන තුළ ගැටලුකාරී තත්ත්වයක් පවතින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. විශේෂයෙන්ම එරට හමුදාව, ලොම්බොක්හි පළාත් බලධාරීන් සහ සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුම්හි නිරත පිරිසගෙන් ලැබෙන දත්ත එකිනෙකට පරස්පරවීම ඊට හේතුවයි.
එසේම මිය ගිය එකම පුද්ගලයෙකු ඔහුගේ හෝ ඇයගේ මුල් නමට අමතරව තවත් නම්වලින් ලැයිස්තුවට ඇතුළත්ව තිබීමත් මෙහිදී ගැටලුවක් වී තිබේ. ඒ අනුව හැකි ඉක්මණින්ම මෙම දත්ත එකතු කර නිවැරදි තොරතුරු ලබා දීමට කටයුතු යොදන බව එරට ජාතින ආපදා ඒජන්සියේ ප්‍රකාශක සුටෝපෝ පුර්වෝ නුග්රොහෝ පවසා සිටියි.
Reply To:
Name - Reply Comment
0 Comments