වසර 3,200ක් පැරණි චීස් හමුවෙයි
- 2018-08-24 11:11:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඊජිප්තුවේ තිබී අදින් වසර 3,200ක් පමණ පැරණි චීස් සහිත භාජනයක් සොයා ගැනීමට ඉතාලියේ කටානියා විශ්වවිද්‍යාලයේ පිරිසක් පසුගියදා සමත්ව ඇත. ක්‍රිස්තු පූර්ව 13 වැනි සියවසේදී පමණ ඊජිප්තුවේ මෙම්පිස් නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්ටාහෙම්ස්ගේ සොහොනේ තිබී මෙම චීස් හමුව ඇත. කැඩී ගිය ජෝගුවක තැන්පත් කර තිබූ චීස්, රෙදි කඩකින් ඔතා තිබූ බවත් පර්යේෂකයෝ පවසා සිටිති.
ඒ අනුව, මෙය එතෙක් මෙතෙක් සොයාගත් වඩාත් පැරණිතම චීස් විය හැකි බව ඔවුන්ගේ විශ්වාසය වී තිබේ. මෙහිදී, එම සොහොන අයිති පුද්ගලයාට අයත් ආහාර මෙලෙස එහි තැන්පත් කරන්නට ඇති බවත් පැවසෙයි. දැනට වසර කිහිපයකට පෙර සොයා ගැනුණු මෙම භාජනය තුළ තිබූ දේ මොනවාද යන්න මුලින් අනාවරණය නොවුණත් පසුව සිදුකළ පරීක්ෂණ අනුව මෑතකදී ඒවා චීස් ලෙස හඳුනාගෙන ඇත. මීට පෙරාතුව අතීත ඊජිප්තුවේ පැවැති චීස් නිෂ්පාදනය සම්බන්ධ තොරතුරු අනාවරණය නොවීමත් සමග මෙය කැපී පෙනෙන අවස්ථාවක් බවද පර්යේෂකයෝ සඳහන් කරති.
කෙසේ වෙතත්, මෙම චීස් ඉතාමත් දරුණු ලෙස ආම්ලීකරණයට ලක්ව ඇතැයිද ඔවුහු පෙන්වා දෙති. එසේම මෙම චීස් තුළ බෘසෙලොසිස් රෝගය ඇති කරවන බැක්ටීරියාවද හඳුනාගෙන ඇතැයිද එම පර්යේෂකයෝ පවසති. පාශ්චරීකෘත නොකළ කිරි ආශ්‍රිත නිෂ්පාදන තුළ මෙම බැක්ටීරියාව පවතින බව දැනටමත් අනාවරණය වී තිබේ. මෙවැනි කිරි ආහාරයට ගැනීමෙන් උණ, මස්පිඬු වේදනාව ඇතුළු රෝග හට ගන්නා අතර, අදටත් මෙම රෝගය ලොව පවතින බව පැවසෙයි.(wmdjbm)
Reply To:
Name - Reply Comment
0 Comments