විනී මැන්ඩෙලා සමුගනියි
- 2018-04-03 11:42:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජොහැන්නස්බර්ග්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
වර්ණභේදවාදයට එරෙහිව සටන් වැදුණු විනී මැන්ඩෙලා (2දා) අභාවප්‍රාප්ත වූවාය. ඇය දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා වන නෙල්සන් මැන්ඩෙලාගේ පළමු බිරිඳද වන්නීය. මිය යන විට ඇය 81 වැනි වියේ පසුවූවාය. විනී මඩිකිසෙලා මැන්ඩෙලා වඩාත් ජනප්‍රියට පත් වූයේ වසර 27කට පසු නෙල්සන් මැන්ඩෙලා නිදහස ලබා පිටතට පැමිණ ඇගේ අතින් අල්ලා ගෙන ඉදිරියට එන අයුරු දැක්වෙන ඡායාරූපයත් සමඟය. එම අවස්ථාව දශක තුනකට වැඩි කාලයක් මුළුල්ලේ පැවැති වර්ණභේදවාදයට එරෙහි සටනේ සංකේතාත්මක අවස්ථාවක් ලෙස ද හැඳින්වේ.
කෙසේ නමුත් පසුකාලීනව නෛති සහ දේශපාලනික කරුණු නිසාවෙන් ඇගේ කීර්තිනාමයට හානි විය. ඇගේ ජනප්‍රියත්වය පහළ බැස්සේය. ඇය උපත ලැබුවේ 1936 වසරේදීය. ඒ එවකට ට්‍රාන්ස්කි ලෙස හැඳින්වුණු, නැගෙනහිර කේප් හිදීය. නිදහසින් වසර දෙකකට පසුව ඇති වූ මතභේද නිසා නෙල්සන් මැන්ඩෙලා සහ විනී මැන්ඩෙලාගේ වෙන්වුණු අතර 1996 වසරේ දී දික්කසාද විය. එහෙත් ඇය මැන්ඩෙලා වාසගම අඛණ්ඩව භාවිත කළ අතර නෙල්සන් මැන්ඩෙලා සමඟ සබඳතා ද පැවැත්වූවාය.
Reply To:
Name - Reply Comment
0 Comments