ෂින්මොඩාකේ ගිනි කන්ද සක්‍රීය වේ
- 2018-03-11 00:11:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජපානයේ කියුෂු දූපතේ පිහිටි ෂින්මොඩාකේ ගිනි කන්ද විදාරණය වීමට පටන්ගැනීම නිසා කන්ද වටා කිලෝමීටර් 4ක පමණ ප්‍රදේශය අවදානම් කළාපයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. ෂින්මොඩාකේ ගිනි කන්ද 2011 වර්ෂයේදී ද විදාරණය වී ඇත.
සති කිහිපයකට පෙර සිට කන්දෙන් අළු පිටවීම සිදුවූ අතර හදිස්යේම අද(10) උදෑසන පිපිරුම් සමඟ ලාවා පිටවීමට පටන්ගෙන ඇත. ජපාන කාලගුණ විද්‍යා කාර්යාංශය පවසා ඇත්තේ ගිනි කන්දෙන් ඉවතට විදින ගල් කුට්ටි වලින් අනතුරු සිදුවිය හැකි නිසා ආසන්නයේ සිටින ජනතාව ප්‍රවේසම් විය යුතු බවයි. උදෑසන විශාල පිපිරීම් දෙකක් සිදුව ඇති අතර මීටර් 4500ක් පමණ ඉහළට දුම් විහිදී ඇත. ජපානයේ සක්‍රීය ගිණි කඳු 110ක් පමණ පවතී.
(බීබිසී ඇසුරිණි )
Pic Courtesy : REUTERS and NIPPON HOSO KYOKAI
Reply To:
Name - Reply Comment
0 Comments