සතුන්ගේ ආරක්ෂාවටගැලපගෝස් දූපතේ ගිනි කෙළි තහනම්
- 2019-01-29 20:34:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉක්වදෝරයට අයත්ව පිහිටි ගැලපගෝස් දූපත්හි වෙසෙන සුවිශේෂී සතුන්ගේ ජීවිතවල ආරක්ෂාව වෙනුවෙන් එහි ගිනි කෙළි දැල්වීම තහනම් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.
එහිදී විශේෂයෙන්ම මෙම ගිනිකෙළි නිසා ඇති වන ආලෝකය මෙම සතුන්ට අහිතකර වීම මූලික වී ඇත. කෙසේ වෙතත් මෙම තහනමේදී ගිනිකෙළි වලින් පිට වෙන ශබ්දය ඊට ඇතුළත්වී නොතිබීමද විශේෂත්වයකි. පසුගියදාට යෙදුණු නව අවුරුදු උදාවට සමගාමීව මෙම නව නීතිය පැනවී ඇත.
මෙම නීතිය අනුව ගැලපෙගෝස් දූපත තුළ ගිනි කෙළි භාවිතය, අලෙවිය හෝ ගිනිකෙළි කර්මාන්තශාලාවක් පවත්වාගෙන යාම තහනම් වී තිබේ. එසේම දූපත වෙත ගිනිකෙළි ආනයනය කිරීමත් තහනම්ය. මෙවැනි ගිනිකෙළි හා සම්බන්ධ අවස්ථා නිසා බොහෝ සතුන්ගේ හදවත් ගැහෙන වේගය වෙනස් වන බවත්, ස්නායු සම්බන්ධ ආතති තත්ත්වයන් ඇති වන බවත් හදුනාගෙන ඇත. ඒ අනුව මෙම තත්ත්වයන් ඔවුන්ගේ හැසිරීම් රටා වෙනස් කිරීමට හේතු වී ඇති අතර, එය මේ ලෝක උරුමයක් වන ගැලපගෝස් දූපතේ සත්ත්ව ප්‍රජාවට හානිදායක වී ඇත.
ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත මෙම ගැලපගෝස් දූපත තුළ විවිධ වැඩසටහන් සංවිධානය කෙරෙයි. ඒ අතරින් නව අවුරුදු උදාවේදී ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම සාම්ප්‍රදායක් ලෙස පවත්වාගෙන විත් තිබේ. එහෙත් මේ ගිනි කෙළි නිසා ගැලපගෝස් දූපත වැනි ඉහළ සංවේදිතාවක් පවතින පරිසර පද්ධතීන් වෙත හානිය ඉහළ බව බලධාරීන්ගේ අදහසයි. මෙලෙස දූපත තුළ ගිනි කෙළි භාවිතය අවම කිරීමේ වැඩසටහන පළමුවරට ඇරඹුනේ 2017 වසරේදීය. (wmdjbm)
Reply To:
Name - Reply Comment
0 Comments