Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සිම්බාබ්වේ වෙසෙන පුද්ගලයන්ගෙන් මිලියන 5ක්, එනම් සම්පූර්ණ ජනගහනයෙන් තුනෙන් එකක්, ආහාර අහේනියකින් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

බොහෝ රටවල් ආහාර අහේනියක් කරා ගමන්කරමින් ඇති බවද, ඉන් බහුතරය හදිසි අවදානම් තත්වයක පවතින බවද, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනනෙහි ප්‍රධානී ඩේවිඩ් බේස්ලි මහතා පැවසීය. මේ රටවල් අතරින් සිම්බාබ්වේ වසර ගණනාවක් තිස්සේ කුසගින්නෙන් පෙළෙන බව ද ඔහු කීය. සිම්බාබ්වේ මිලියන දෙකකට අධික ජනතාවක් හාමතේ හිණිපෙත්තේ සිටින බව බේස්ලි මහතා වැඩිදුරටත් පැවසීය.

අස්වනු නෙළීමට ආසන්න සමයේදී පැමිණි නියගයෙන් බලපෑම් එල්ල වූ බවද, වෙළඳපොළෙහි ආහාර වෙනුවෙන් පවතින මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවද, මේවනවිට එම රට ආර්ථික ගැටලුවලින් මිරිකී සිටින බවද වාර්තා වේ.

දකුණු අප්‍රිකාවේ සැම්බේසි ගංගාවේ දුර්ගය හරහා ඉදිකර ඇති කරීබා වේල්ල, ලොව විශාලතම ජල ධාරිතාව සහිත වේල්ල වන අතර, බලපෑ නියං තත්ත්වය හේතුවෙන් එහි ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැස ඇත.  මේ හේතුවෙන් එම විදුලිබලාගාරයෙන් නිපදවන විදුලි පද්ධතියට බලපෑම් එල්ල වී, විදුලි කැපීම් සිදුව ඇතැයිද පැවසේ.

මලාවි සහ මොසැම්බික් රාජ්‍යයන්ට බලපෑ දරුණු කුණාටු හේතුවෙන්, සිම්බාබ්වේවැසියන් 570,000ක පීඩාවට පත්වූ බවත්, දස දහසකට අධික පිරිසකට නිවාස පවා නොමැති වූ බවත් වාර්තා වේ. පසුගිය සතියේ සිම්බාබ්වේ මූල්‍ය අමාත්‍යවරයා වන  මියුතුලි නිකියුබ් මහතා පැවසුවේ, ග්‍රාමීය සහ නාගරික නිවාස 757,000කට රජය මගින් ධාන්‍ය ලබාදෙන බවය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමෙරිකානු ඩොලර් මිලියන 294ක ආධාරයක් සිම්බාබ්වේ වෙනුවෙන් යෙදවීමට සිටින බවත්, නමුත් මේවනවිට පැතිර ඇති ආහාර අහේනි තත්ත්වය හේතුවෙන් ඒ මුදල ප්‍රමාණවත් නොවන බවත් කියා සිටී.

(බීබීසී ඇසුරිනි)

ඩිල්ෂානි චතුරිකා දාබරේ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.