ඇමෙරිකාව යුනෙස්කෝ සංවිධායෛන් ඉවත් වෙයි
- 2025-07-24 12:55:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)
යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වන බව ඇමෙරිකා එකසත් ජනපදය නිවේදනය කර ඇත. යුනෙස්කෝ යනු
එක්සත්ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයයි.
ඇමෙරිකාව යුනෙස්කෝවෙන් ඉවත් කර ගැනීම ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයකි. යුනෙස්කෝ සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව තීන්දු තීරණ ගන්නවා යැයි ඊශ්‍රායලයට පමණක් නොව ඇමෙරිකාව ද දිගින් දිගටම චෝදනා නගා ඇති අතර, එම චෝදනා සැලකිල්ලට ගනිමින්, ඇමෙරිකාව යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත් කර ගැනීමට ට්‍රම්ප් තීරණය කළේය.
ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව පැහැදිලි කර ඇත්තේ, යුනෙස්කෝ සංවිධානයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය කිසිසේත් සෑහීමකට පත් නොවන බවය.
ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේ දී ද යුනෙස්කෝ සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට කටයුතු කළේය. ඒ, 2017 දීය. කෙසේ නමුත්, ට්‍රම්ප්ට පසු බලයට ආ ජෝ බයිඩන්, එම තීන්දුව වහා වෙනස් කරමින් ඇමෙරිකාව යළි යුනෙස්කෝ සංවිධානය සමඟ එක් කර තිබුණි.
Reply To:
Name - Reply Comment
0 Comments