Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)
චීනයේ, ටිබෙටයේ යාර්ලු‍ං සාංපෝ ගංගාව හරහා දැවැන්ත වේල්ලක් ඉදිකිරීම ආරම්භ කර ඇත. චීනයේ ෂින්හුවා පුවත් සේවයට අනුව,  ඉදිකිරීම් අවසන් වූ පසු විදුලිය උත්පාදනය සඳහා ඉදි කෙරුණු ලොව විශාලතම වේල්ල වනු ඇත්තේ මෙයයි.
යාර්ලු‍ං සාංපෝ ගංගාව ගලා බසින්නේ හිමාල කඳු පාමුලින්ය. මෙම මහා ගංගාව, ඉන්දියාව හරහාත් බංග්ලාදේශය හරහාත් ගලා බසී. ඉන්දියානුවන් ගංගාව හඳුන්වන්නේ බ්‍රහ්මපුත්‍ර යන නමිනි. බංග්ලාදේශ වැසියන්ට එය ජමුනා වෙයි.
ෂින්හුවා පුවත් සේවයට අනුව, චීන අග්‍රාමාත්‍ය ලීචියැං විසින් වේල්ල ඉදි කිරීම සඳහා මුල්ගල තබනු ලැබීය. මුල්ගල තැබීමේ උත්සවය පැවැත්වූයේ ටිබෙටයේ නින්චි නගරයේය. මෙම දැවැන්ත වේල්ල ඉදිකිරීමට චීන රජය සැලසුම් කර තිබුණේ දශක ගණනාවක සිටය. ඒ සඳහා අනුමැතිය ලැබීම සිදුවූයේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේය.
වේල්ල ඉදිකිරීමේ ව්යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත පිරිවැය යුවාන් ට්‍රිලියන 1.2 ක් (ඇමෙරිකන් ඩොලර් බිලියන 167.1 ක්) වනු ඇතැයි ද පැවැසෙයි. චීනය ඉදි කරන මෙම වේල්ල සම්බන්ධයෙන් තමන් විමසිල්ලෙන් පසුවන බව ඉන්දීය රජය පවසා ඇත.
 වේල්ල ඉදිකිරීම ඉන්දියාවත් චීනයත් අතරේ, බ්‍රහ්මපුත්‍ර ගංගාව මුල්කොට ගනිමින්, ජල අර්බුදයක් නිර්මාණය කිරීමට හේතුවිය හැකි යැයි ඉන්දීය රජය පෙන්වා දී ඇත. මේ වනවිට ඉන්දියාවත් චීනයත් අතරේ දේශසීමා අර්බුදයක් පවතී.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.