Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2018 මධ්‍යම පළාත් අන්තර් අධ්‍යාපන කලාපීය පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දී මෙවරද වසරේ සමස්ත බාලක සහ බාලිකා මලල ක්‍රීඩා ශුරතා ද්විත්වයම දිනා ගැනීමට වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල සමත්විය.
මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප 15 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හාරදහසක පමණ සහභාගීත්වයෙන් මෙම තරගාවලිය  මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතාගේ උපදෙස් මත පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) අතුල ජයවර්ධන මහතා විසින් මෙම තරග සංවිධානය කරන ලදී. 
මෙවර සමස්ත ක්‍රීඩා ශුරතාව ලකුණු 1093 ලැබු මහනුවර අධ්‍යාපන කලාපයටද, අනුශුරතාව ලකුණු 786 ලැබු වත්තේගම අධ්‍යාපන කලාපයටද. තෙවැනි ස්ථානය ලකුණු 222ක් ලැබු හැටන් අධ්‍යාපන කලාපයටද හිමිවිය.  මෙවර මධ්‍යම පළාතේ දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස වයස අවු. 20න් පහළ මීටර් 400 තත්.49.9 නිම කරමින් දක්ෂතා දැක්වූ වලල ඒ රත්නායක ම.ම.වි සෙනිර ගුණරත්න සහ දක්ෂතම මලල ක්‍රීඩිකාව ලෙස වයස අවු. 20න් පහළ මීටර් 200 තත්. 26.10 නිම කරමින් දක්ෂතා දැක්වු මහනුවර විහාරමහාදේවි බාලිකා විදුහලේ පාතිමා ශෆියා යමික් සම්මාන ලැබුහ. 
 මෙම තරගාවලියේදී නව තරග වාර්තා 42ක් පිහිටුවමින් දක්ෂතා දැක්වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ. මෙහිදි සහාය බාලක ශුරතාව මහනුවර ත්‍රිත්ව විදුහලටද, බාලිකා ශුරතාව වලල ඒ රත්නායක ම.ම.විදුහලටද  හිමිවිය. කනිෂ්ඨ බාලක ශුරතාව මහනුවර ත්‍රිත්ව විදුහල සහ බාලිකා ශුරතාව අඹගමුව ම.ම.වි දිනාගත් අතර, ජ්‍යෙෂ්ඨ බාලක හා බාලිකා  ශුරතා ද්විත්වයම වලල ඒ රත්නායක ම.ම.විදුහලට හිමිවිය. 


(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)
 

මෙවර තරගාවලියේ වයස් සීමා ශුරතා දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙසේයි.
• වයස අවු 12න් පහළ බාලිකා (ජවන) මීටර් 100 - තත්.15.50 ජී.කේ. කසුනි, අඹගමුව ම.ම.වි (පිටිය) දුර - මීටර් 3.98 (නව තරග වාර්තාවකි) එන්.එස්.අංජලිකා, විදුලිපුර ම.වි
• වයස අවු 12න් පහළ බාලක (ජවන) මීටර් 100 - තත්. 14.4, ආර්.ජී.එම්.ටි. විජේතුංග, හොම්බාව ම.වි, (පිටිය) දුර - මීටර් 4.36 (නව තරග වාර්තාවක) එම්.ඒ.ඒ. ශාන්, මහනුවර ත්‍රිත්ව විදුහල.
• වයස අවු. 14න් පහළ බාලිකා (ජවන) මීටර් 100 - තත්. 13.8 (නව තරග වාර්තාවකි) එම්.එස්.ශාලුකි විහංගා, මාතලේ විජය ජාතික පාසල, (පිටිය) දුර - මීටර් 4.75 (නව තරග වාර්තාවකි) පී.ඒ.එස්.නිම්සරා, අඹගමුව.ම.ම.වි 
• වයස අවු 14න් පහළ බාලක (ජවන) මීටර් 100 - තත් 13.1 ඩබ්.එම්.එස්.ආර්.බී. චන්ද්‍රසේකර, මහනුවර ත්‍රිත්ව විදුහල, (පිටිය) යගුලිය - මීටර් 11.68 (නව තරග වාර්තාවකි) ආර්.එම්.එන්.ඩී.බී. රත්නායක, වලල ඒ. රත්නායක ම.ම.වි
• වයස අවු, 16න් පහළ බාලිකා (ජවන) මීටර් 400 - වි.1.තත් 1.17 එච්.ඒ.ඒ.පී.හෙට්ටිආරච්චි, මහනුවර විහාරමහාදේවි බා.වි (පිටිය) දුර - මීටර් 4.82 කේ එම්.පී. සෙව්වන්දි, මහනුවර ආදර්ශ විදුහල
• වයස අවු 16න් පහළ බාලක (ජවන) මීටර් 200 - තත් 23.4 (නව තරග වාර්තාවකි) එල්.එල්.මොරගොඩ, මහනුවර ත්‍රිත්ව විදුහල, (පිටිය) යගුලිය - මීටර් 14.35 (නව තරග වාර්තාවකි) එම්.ඩි.එම්.එස්.ඩි. දිසානායක, මහනුවර ත්‍රිත්ව විදුහල
• වයස අවු. 18න් පහළ බාලිකා (ජවන) මීටර් 400 - වි.1 තත් 0.34 එස්.ඒ.කේ. තත්සරණි, අඹගමුව ම.වි. (පිටිය) දුර - මිටර් 5.14 කේ.එච්.ඒ.ඩි. කෞෂල්‍යා, ගම්පොළ වික්‍රමබාහු ජා.පා.
• වයස අවු, 18න් පහළ බාලක (ජවන) මීටර් 110 කඩුළු - තත්. 14.9 ඒ.ජි.අනුරැද්ධ ශ්‍රීමාල්, (නව තරග වාර්තාවකි) මහනුවර බෙරවට්ස් විදුහල, (පිටිය) තුන්පිම්ම - මීටර් 13.55 (නව තරග වාර්තාවකි) පී.යම්ප්ලබ්, මහනුවර ගේට්වේ ජාත්‍යන්තර පාසල.
• වයස අවු. 20න් පහළ බාලිකා (ජවන) මීටර් 200 -  තත්.26.10 පාතිමා ශෆියා යමික්, මහනුවර විහාරමහාදේවි බා.වි (පිටිය) තුන්පිම්ම - මීටර් 10.03, කේ.ජී.කේ.පි. විජේරත්න, මහනුවර මහාමායා බා.වි. 
• වයස අවු. 20න් පහළ බාලක (ජවන) මීටර් 400 -  තත්. 49.9 සෙනිර ගුණරත්න, වලල ඒ රත්නායක ම.ම.වි (පිටිය) දුර - මීටර් 6.50 (නව තරග වාර්තාවකි) තාරක බණ්ඩාර සමරකෝන්, මාතලේ සාන්ත තෝමස් ජාතික පාසල

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.