හත්වැනි ජාත්‍යන්තර ජිම්නාස්ටික් ශූරතා තරගාවලිය ගාල්ල මහින්ද විද්‍යාලයට පදක්කම් 29ක්
- 2019-12-06 11:06:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මැලේසියාවේ සයිබර්ජයාහි පැවති හත්වැනි ජාත්‍යන්තර ජිම්නාස්ටික් ශූරතා තරගාවලියට සහභාගී වූ ගාල්ල මහින්ද විද්‍යාලයීය ජිම්නාස්ටික් කණ්ඩායම පදක්කම් 29ක් දිනාගැනීමට සමත් විය. ලෝකයේ රටවල් 17ක සහභාගීත්වයෙන් පැවැත්වුණ මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් පාසල් සිසුන් 90ක කණ්ඩායමක් සහභාගී වූ අතර ගාල්ල මහින්ද විද්‍යාලයෙන් සිසුහු නවදෙනෙක් සහභාගී වූහ.
කේවල ඉසව් සඳහා තරග කළ බිනර රත්නායක පළමු ස්ථානයක් ද සෙනුක මිහිසර දෙවැනි ස්ථානයක් ද දිනාගැනීමට සමත් වූ අතර සත්මිර බටගොඩ සහ රුහාන් කරැණානායක තෙවැනි ස්ථාන දෙකක් දිනාගැනීමට සමත් වූහ. කණ්ඩායම් තරග අංශයෙන් අවුරැදු අටෙන් පහළ සහ දාහතරෙන් පහළ දෙවැනි ස්ථාන දෙකක් ද අවුරැදු එකොළහෙන් පහළ තෙවැනි ස්ථානයක් ද ලබාගැනීමට මහින්ද විද්‍යාලයීය කණ්ඩායම සමත් විය. බිනර රත්නායකට අවුරැදු අටෙන් පහළ අටවැනි ස්ථානය ද කවිරැ දුලාන් අවුරැදු 14න් පහළ අටවැනි ස්ථානය ද දිනාගත් අතර පූර්ව කනිෂ්ඨ අංශයේ හයවැනි ස්ථානය උවිඳු චිරාන් මහේන්ද්‍රට සහ හත්වැනි ස්ථානය සේතික දින්සරට ද හිමිවිය.
පදක්කම් සටහනේ හතරවැනි ස්ථාන තුනක්, පස්වැනි ස්ථාන දෙකක්, හයවැනි ස්ථාන තුනක්, හත්වැනි ස්ථාන හයක් සහ අටවැනි ස්ථාන පහක් ලෙස සමස්ත පදක්කම් 29ක් දිනාගැනීමට මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූහ.
දිනිඳු චානක ප්‍රේමරත්න, ප්‍රදීප් චන්දිමාල් සහ අසන්ත සංජීව කරැණානායක යන මහත්වරැන්ගේ පුහුණුකාරීත්වය යටතේ කණ්ඩායම මෙම තරගාවලියට ඉදිරිපත් විය. ජිම්නාස්ටික් ක්‍රීඩා භාර ආචාර්යවරිය ලෙස භද්‍රා සේනානායක මහත්මිය කටයුතු කරන අතර මහින්ද විද්‍යාලයීය විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කණ්ඩායම මෙම තරගාවලියට ඉදිරිපත් විය.
(ගාල්ල සිරංගිකා ලොකුකරවිට)
Reply To:
Name - Reply Comment
0 Comments