අම්පාර නාමල්තලාව විද්‍යාලයට නර්තන ජයක්
- 2019-06-03 15:54:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හෙළ සිරිතයි කලා කෙතයි ගමට පොලිසිය 2018 ගැමි වරැණයි අපේ කමයි’’ තේමා පාඨය කරගනිමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පය යටතේ ඉඟිනියාගල පොලිසියේ නිලධාරීන් සහ පරගහකැලේ ප්‍රජා පොලිස් මුරපළ නිලධාරීන් එක්ව සංවිධානය කළ නර්තන තරගාවලියක් අම්පාර පරගහකැලේ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පසුගියදා පැවැත්වුණි.
නාමල්ඔය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් පාසල් 13ක් සමග තරග වැදුණු අම්පාර නාමල්තලාව විද්‍යාලයීය නර්තන කණ්ඩායමට මෙහි දී ප්‍රථම ස්ථානය හිමිවිය. සංස්කෘතික හැකියාවන් ඉහළට රුගෙන යාම,පුංචි දුවා දරැවන් සමග සමීපව ඔවුන්ගේ අනාගතය ආලෝකවත් කිරීම අරමුණු කර මෙම තරගාවලිය සංවිධානය කළ බැව් ඉඟිනියාගල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බර්ටි උඩුකුඹුර මහතා පැවසීය.
මෙම අවස්ථාවට උසස් පොලිස් නිලධාරීන් ,රතුගල ආදී වාසීන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ. ප්‍රථම ස්ථානය දිනා ගත් නර්තන කණ්ඩායම ඡායාරෑපයේ දැක්වේ.
(ඉගිනියාගල - ලයනල් පේ‍්‍රමසිරි)
Reply To:
Name - Reply Comment
0 Comments