ආසියා ශෘන්තිකර කලාපීය පෝස්ටර් චිත්‍ර තරගය -ශ්‍රී ලංකාව පළමු තැන දිනයි ජැක්සා සම්මානය මොනරාගල මහානාමය
- 2020-07-02 09:19:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදය මඟින් පැවැති චිත්‍ර හා පෝස්ටර් තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ බව ආතර් සී ක්ලාක් ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාධ්‍ය) චින්තන විජයවර්ධන මහතා සඳහන් කරයි.
“See You in Space!” තේමාව කරගනිමින් මෙවර තරගය ජපානයේ නගෝයා නගරයෙහි පැවැති අතර මේ සඳහා රටවල් 15ක් චිත්‍ර හා පෝස්ටර් ඉදිරිපත් කර තිබුණි. එහිදී මොනරාගල මහානාම විද්‍යාලයේ හංසි ස්නේහා රිස්වාන් ශිෂ්‍යාව වාර්ෂිකව එක රටකට පමණක් පිරිනමනු ලබන jaxa සම්මානය දිනා ගැනීමට සමත් වූවාය.
තවද කළුතර බාලිකා විද්‍යාලයේ එච්.පූජනී හිමිදිරි සිල්වා සහ කිරිබත්ගොඩ විහාරමහා දේවි බාලිකා විද්‍යාලයේ එම්.ටී.එස්. ඔනෙලි ලිහන්සා යන ශිෂ්‍යාවන්ගේ පෝස්ටර් ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදයේ විශේෂ ඇගයීමට ලක්වී සහතික දිනා ගැනීමට සමත් ව තිබේ.
ආතර් සී ක්ලාක් ආයතනය පාසල් දරැවන් අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයට යොමු කිරීමේ අරමුණින් වැඩසටහන් රුසක් ක්‍රියාත්මක කරන ආයතනයකි. ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදය (APRSAF) මගින් සංවිධානය කරනු ලබන අන්තර් ජාතික පෝස්ටර් චිත්‍ර තරගය සඳහා පාසල් දරැවන් ඉදිරිපත් කිරීම වාර්ෂිකව සිදුකරනු ලබන බවත් ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදයේ කටයුතු සහ ක්‍රියාකාරකම් සම්බන්ධිකරණය කරන නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ ජ්‍යෙෂ්ඨයෙක් පැවසුවේය.
(මනෝජ් හර්ෂික)
Reply To:
Name - Reply Comment
0 Comments