ඇහැටුවැව බණ්ඩාරනායක මහ විදුහලේ මවුපිය වන්දනා වැඩසටහන
- 2019-10-24 09:07:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වත්මන් කාර්යබහුල සමාජයේ ගිලිහෙමින් තිබෙන “දරැ-මවුපිය“ සම්බන්ධය වර්ධනය කිරීමේ අරමුණින් පැවැති මවුපිය වන්දනා වැඩසටහනක් ගල්ගමුව ඇහැටුවැව බණ්ඩාරනායක මහ විදුහලේදී පසුගිය දා පැවැත්වුණි. විද්‍යාලයේ 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා දරැවන් 800 යක් මාපිය හා ගුරැ භවතුන්ගේක් සහභාගීත්වයෙන් මෙම වැඩසටහන සිදු කෙරිණි.
වර්තමාන තාක්ෂණික කාර්යබහුල සමාජය තුළ ගිලිහෙමින් තිබෙන මවුපිය හා දරැවන්ගේ සම්බන්ධයේ වටිනාකම පැහැදිලි කරමින් හා ධර්ම දේශනයක් ද සමගින් බලගොල්ලේ ධම්මගවේශී හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සිදු කෙරිණි.
ගිලිහෙමින් පවතින දූදරැ මවුපිය සම්බන්ධයේ වටිනාකම පෙන්වාදීමත් දරැවන් අධ්‍යාපනය වෙත නැඹුරැ කිරීමත් හා යහපත් ආකල්පයන්ගෙන් පිරි පුරවැසියන් ලෙස දරැවන් සමාජයට යොමු කිරීමත් අරමුණු කොටගෙන වැඩසටහනක් සංවිධානය කළ බව විද්‍යාලයේ විදුහල්පති නන්දා රත්නායක මහත්මිය සඳහන් කළාය. විද්‍යාලයේ 8 හා 9 ශ්‍රේණිය අංශ භාර වේරංග බණ්ඩාර මහතා ඇතුළු ආචාර මණ්ඩලය මෙම වැඩසටහන සංවිධානය කළහ.
(මනෝජ් හර්ෂික)
Reply To:
Name - Reply Comment
0 Comments