Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙවර ඇසළ පුරපසළොස්වක පොහොය නිමිත්තෙන් කඩවත පුවක්වැටිය ශ්‍රී සුනේත්‍රාරාම මූල මහා විහාරස්ථානයට අයත් ශාසනවංශ දහම් පාසලේ දහම් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් භක්ති ගී ප්‍රසංගයක් ඉදිරිපත් කරන ලදී.
කඩවත පුවක්වැටිය ශ්‍රී සුනේත්‍රාරාම මූල මහා විහාරස්ථානයේ විහාරාධිපති හා ශාසනවංශ දහම් පාසලේ ප්‍රධානාචාර්ය කඩවත රතනවංශ නායක හිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව පවත්වන ලද මෙම ඇසළ භක්ති ගීත ගායනයට සහභාගි වූ එම ධර්ම විද්‍යාලයේ 6,7,8 යන ශ්‍රේණිවල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් භක්ති ගීත ගායනා කළ අයුරැ මෙම ඡායාරෑපවලින් දැක්වේ.
මෙම අවස්ථාවට ප්‍රවීණ ගායිකා විශාරද රංජනී පෙරේරා, ප්‍රවීණ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අනුර ශ්‍රීනාත් හෙට්ටිආරච්චි සහ මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනි සුදීමා චාන්දනී යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. පුවක්වැටිය ශ්‍රී සුනේත්‍රාරාම විහාරයේ විහාරාධිකාරී පුජ්‍ය බියන්විල අමිතවංශ හිමි ගුරැ මණ්ඩලය ඇතුළු මවුපියෝ මෙම බැති ගී ප්‍රසංගය සංවිධානය කළහ.


(වැලිවේරිය - තිලක් නිමලසූරිය)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.