කහටරුප්ප විදුහලේ ගුරු සිසු ඇගැයුම්
- 2019-08-06 17:26:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පස්සර අධ්‍යාපන කලාපයේ කහටරැප්ප මහා විද්‍යාලයේ ගුරැ සිසු දක්ෂතා අගයමින් පවත්වන ලද වසරේ විශිෂ්ටයන් ඇගයීමේ උලෙළ එම විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි.
විදුහල්පති ආර්.එම්.ජයසිංහ මහතාගේ උපදෙස් හා මග පෙන්වීම පරිදි විද්‍යාලයේ විෂය සමගාමී සහකාර විදුහල්පති එස්.එම්.ඉන්දික සංජීව මහතාගේ වැඩසටහන් සමායෝජකත්වය ඇතිව විද්‍යාලය මගින් මෙය සංවිධානය කර තිබුණි.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වීම, අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විශිෂ්ට දක්ෂතා දැක්වීම සංගීත, නැටුම්, ක්‍රීඩා ඇතුළු විෂය හා විෂය සමගාමී අංශයන්ගෙන් දක්ෂතා දැක්වූ දරැ දැරියන් ඇගයීම හා කලාප, පළාත්, ජාතික හා සමස්ත ලංකා මට්ටමින් විවිධ ජයග්‍රහණ ලබාදීමට මග පෙන්වමින් කැපවීම් කළ හා විභාගවලින් විශිෂ්ට ප්‍රතිඵල ලබාදීමට කැපවූ ගුරැවරැන් ඇගයීම ද මෙහිදී සිදු කෙරිණ.
විද්‍යාලයේ සංගීත හා නැටුම් අංශ ඉදිරිපත් කළ විශේෂාංගවලින් හා ජාතික හා සමස්ත ලංකා සංගීත තරගවලින් ජයග්‍රහණ ලැබූ දරැ දැරියන්ගේ එම දක්ෂතා ඉදිරිපත් කිරීම ද සිදු කෙරිණ. මෙම අවස්ථාවට පස්සර අධ්‍යාපන කලාපයේ සංගීත විෂය අධ්‍යක්ෂක විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු කලාප අධ්‍යාපන කාර්යාලයේ ක්‍රීඩා, සමාජ විද්‍යා හා කෘෂි විද්‍යා විෂය අධ්‍යක්ෂක මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments