කු/ කුඹල්ඔළුව කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් පදක්කම් පැලඳි දා...
- 2019-07-16 19:57:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කු/කුඹල්ඔළුව කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන්ට පදක්කම් පැලඳවීමේ උත්සවය විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පසුගියදා පැවැත්වුණි. විදුහල්පති ඩබ්ලිව්. එම්.එල්. වික්‍රමනායක මහතාගේ ආරාධනයෙන් බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සේනා විධායක කර්නල් පී.ජී.එම්.වී.ජේ. පනංවල, කර්නල් මහේෂ් කුමාර, මේජර් ශාන්ත වික්‍රමරත්න, පොල්ගහවෙල ලංකා බැංකුවේ කළමනාකාර මනෝජ් රාජපක්ෂ යන මහත්වරැන්ගේ සහභාගීත්වයෙන් නිල ලාංඡන පැලඳවීම සිදු කෙරිණ. මෙම අවස්ථාවට විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය හා මවුපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments