කොටිකාවත්ත රාජසිංහ විද්‍යාලයෙන් අනුවර්තන විද්‍යා දිනය හා ප්‍රදර්ශනය
- 2019-06-17 10:13:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොටිකාවත්ත මුල්ලේරියාව රාජසිංහ විද්‍යාලයේ අ.පො.ස. උසස් පෙළ විද්‍යා විෂය ධාරාවට ඇතුළු වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රමාණය ඉහළ නැංවීම හා විද්‍යා විෂය ජනප්‍රිය කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කෙරැණු අනුවර්තන විද්‍යා දිනය හා ප්‍රදර්ශනය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර විද්‍යා අධ්‍යාපන අධ්‍යක්ෂිකා ශානිකා රත්නවීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේ දී පැවැත්වුණි. විද්‍යාලයීය විද්‍යා විෂය භාර ආචාරිණී එස්.ලක්මාලි කාහිංගල මහත්මිය ඇතුළු විද්‍යා ආචාර්ය මණ්ඩලය මෙම ප්‍රදර්ශනය සංවිධානය කළහ.
මේ සඳහා 6 – 11 ශ්‍රේණිවල දරැවන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කෙරැණි. තවද මෙදිනට සමගාමීව චිත්‍ර, රචනා, දැනුම මිනුම තරග ද පැවැත්වුණු අතර ඒ සඳහා ජයග්‍රාහකයන්ට සහතික පත් ප්‍රදානය ද සිදුවිය. ප්‍රායෝගික පරීක්ෂණ මාලාවක්, පරපෝෂිතයෝ වේදිකා නාට්‍යයෙන් තිරසාර සංවර්ධනය ගැන විරිදුවකින් විද්‍යාඥයන් දෙදෙනෙකු පිළිබඳ භූමිකා රංගනයකින් ද උලෙළ අලංකාර විණි. විදුහල්පති ආර්.එම්.ඩී.බණ්ඩාර මහතාගේ අධීක්ෂණය හා මග පෙන්වීම යටතේ විද්‍යා දිනය හා ප්‍රදර්ශනය සංවිධානය කෙරිණි. අවට ආරාධිත පාසල්වල සිසු සිසුවියෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments