කොලොන්නාව ටෙරන්ස් එන්.ද සිල්වා විදුහලේ නායකත්ව පුහුණු කඳවුරක්
- 2019-07-24 11:30:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විජය ළමා පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් බස්නාහිර පළාත් මහ නගර සංවර්ධන අමාත්‍යාංශයේ දායකත්වයෙන් සංවිධානය කෙරෙන &අරැණැල්ලක ප්‍රභාස්වර* පරිසර හා චාර්යා සංවර්ධන තෙදින කඳවුරැ මාලාවේ තවත් එක් කඳවුරක් කොලොන්නාව ටෙරන්ස් එන්. ද සිල්වා මහා විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි. මෙවර ශිෂ්‍ය නායකයන් 50 කට ආසන්න පිරිසක් කඳවුරට සහභාගි වූහ.
මෙම අවස්ථාවට විදුහල්පති එච්.ඒ.ආර්. ප්‍රදීප් ඉෂාර, මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේ ජයවිලාල් ප්‍රනාන්දු, සමාජ විශේෂඥ නිමල් ප්‍රේමතිලක, නියෝජ්‍ය විදුහල්පති එල්.ජී.ආර්. මනම්පේරිය, සහකාර විදුහල්පති ඩී.ඩී.කේ.පී.විතාන, ශිෂ්‍යනායක කණ්ඩායම භාර ආචාර්ය පී.ඩබ්.එල්.කේ.අමරසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මෙවර කඳවුර නායකත්ව පුහුණු උපදේශක ජයසිරි කාරියවසම් මහතා මෙහෙයවීය. මෙවැනි කඳවුරක් ඔබගේ පාසලටත් ලබා ගැනීම සඳහා විජය පුවත්පත මගින් විමසා තොරතුරැ දැනගත හැකිය.
Reply To:
Name - Reply Comment
0 Comments