ගම්පහ අන්තර් පාසල් දැනුම මිනුම අභියෝගතා තරගාවලිය
- 2019-07-08 11:54:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විශිෂ්ට පාසලක් නිපුණ සිසු පරපුරක් යන තේමාව යටතේ දොම්පේ මාළිඳ ලින්ක් නැචුරල් ප්‍රඩක්ට් ආයතනය ක්‍රියාත්මක කරන අන්තර් පාසල් දැනුම මිනුම අභියෝගතා 2018 තරගාවලියේ දී ලකුණු 152ක් ලබාගත් දොම්පේ දේවි බාලිකා විද්‍යාලය ජ්‍යෙෂ්ඨ අංශයේ ශූරතාව හිමිකර ගැනීමට සමත් විය.
දොම්පේ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 08 ක සහභාගීත්වයෙන් පාළුගම සණස ශාලාවේදී පැවති මෙම තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ අනුශූරතාව ලකුණු 141ක් ලබාගත් දෙකටන පද්මාවතී මධ්‍ය විද්‍යාලයට හිමිවිය. තරගාවලියේ කනිෂ්ඨ අංශයේ ශූරතාව ලකුණු 100ක් ලබාගත් ගිරිදර ශ්‍රී බෝධි විද්‍යාලයට ද අනුශූරතාව ලකුණු 95ක් ලබාගත් දොම්පේ දේවි බාලිකා විද්‍යාලයටද හිමිවිය.
මෙම තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ හොඳම තරගකරැ ලෙස දේවි බාලිකා විදුහලේ ඩබ්ලිව්.පී.සී.ජයරත්න සිසුවියද, කනිෂ්ඨ අංශයේ හොඳම තරගකරැ ලෙස එම විදුහලේ කේ.එච්.එම්.ලියත්මා හේවාවසම් සිසුවියද තිළිණ ලැබූහ.
ගම්පහ අධ්‍යාපන කලාපයේ හිටපු ගණිත විෂය අධ්‍යක්ෂක විජයදාස හේවාපතිරණ , ගම්පහ ප්‍රාථමික අංශ ගුරැ උපදේශක එම්.ඒ.එස්.මිටිපොළ ආරච්චි යන මහත්වරැන් ප්‍රමුඛ විනිසුරැ මඩුල්ලක් තරග විනිශ්චය කළහ.සහතික හා තිළිණ ප්‍රදානය කිරීම ලින්ක් නැචුරල් ප්‍රඩක්ට් ආයතනයේ කළමනාකරැ ප්‍රියන්ත කොලොන්නගේ , අපනයන සංවර්ධන කළමනාකරැ තක්ෂිල ගමගේ, සහකාර කළමනාකරැ චතුර ජීවන්ත හා ළහිරැ රන්දික යන අයගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.
Reply To:
Name - Reply Comment
0 Comments