ගාල්ල මහින්දයේ ත්‍යාග ප්‍රදානෝත්සවය දා
- 2019-08-05 11:01:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගාල්ල මහින්ද විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය රැසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජනාධිපති ජාත්‍යන්තර කටයුතු උපදේශක වෛද්‍ය සමන් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ඕල්කට් ශාලාවේදී පැවැත්වුණි. මෙහිදී ත්‍යාග හා කුසලාන,පදක්කම් ප්‍රදානය කෙරිණි. ත්‍යාග ප්‍රදානෝත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් එක්වූයේ 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මහතායි.
මහින්ද ආදි ශිෂ්‍යනායක සංගමයේ සම උප සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බුද්ධික වික්‍රමාධර මහතා මෙහිදී ප්‍රධාන ශිෂ්‍යනායක හා නියෝජ්‍ය ශිෂ්‍යනායකයන් දෙපළට තමන් නමින් වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සයේදී ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.
(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
Reply To:
Name - Reply Comment
0 Comments