ගැටියමුල්ල ගාමිණී අභය මහා විද්‍යාලයට සමස්ත ලංකා ජයක්
- 2020-07-03 09:07:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද 2019 සමස්ත ලංකා නර්තන තරගාවලියේ 1000 ට අඩු පාසල් කාණ්ඩය යටතේ ‘‘වැදි මිශ්‍ර ගොයම්’’ නර්තනයට සමස්ත ලංකා ප්‍රථම ස්ථානය කෑගල්ල ගැටියමුල්ල ගාමිණී අභය මහා විද්‍යාලයට හිමි වී ඇතැයි විදුහල්පති කේ. එම්. සෙනරත් කරැණානායක මහතා පැවසීය.
මෙම තරගාවලිය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ දී පසුගිය දා පැවැත්වුණි. මෙම නර්තනය සඳහා විද්‍යාලයේ සිසු සිසුවියන් 26 දෙනෙකු සහභාගී වූ බව විදුහල්පතිවරයා පැවසීය. මෙම නර්තනය විද්‍යාලයේ නර්තන ආචාරිනී ඩී. ආර්. අනුරැද්ධිකා මහත්මිය පුරැදු පුහුණු කර තිබුණු අතර එන්. ඒ. දීපිකා නරසිංහ මහත්මිය සංගීතයෙන් දායකත්වය ලබා දී තිබුණි. 2018 වර්ෂයේ දී ද මෙම නර්තන තරගාවලියේ දී ‘‘පිරිමි වෛරෝ්ඩි’’ නර්තනයට සමස්ත ලංකා තෙවැනි ස්ථානය හිමි ව තිබුණි.
(දමුණුපොළ චමින්ද ජයලත්)
Reply To:
Name - Reply Comment
0 Comments