ජාතික ශිෂ්‍ය භට බලකායේ ද සොයිසා ජනාධිපති කුසලාන තරගාවලිය 2018 - අම්පාර ගාමිණියේ නාවුක හමුදා ශිෂ්‍ය
- 2019-07-19 10:11:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික ශිෂ්‍ය භට බලකායේ 31 වැනි බල ඇණියේ 2018 ද සොයිසා ජනාධිපති කුසලාන තරගයේ නැගෙනහිර පළාතේ ප්‍රථම ස්ථානය දිනා ගන්නට අම්පාර ගාමිණි විද්‍යාලයේ නාවුක හමුදා ශිෂ්‍ය භට (බාලිකා) සමත් විය. ජය ලැබූ කණ්ඩායමේ ශිෂ්‍යාවන්ට සහතික ප්‍රදානය සහ ලාංඡන පැලඳවීම ජාතික ශිෂ්‍ය භට බලකායේ 31වැනි බල ඇණියේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් වයි.එම්.එන්. උබේවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී සිදුකෙරිණි.
ජාතික ශිෂ්‍ය භට බලකායේ රන් ටැඹේ පුහුණු කඳවුරේ දී මෙම තරගාවලිය පැවැත්වුණි. මෙම කණ්ඩායමේ පුහුණුකරැ වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුළු නිලධාරි කේ.ඒ.සී. සේනාරත්න මහතා කටයුතු කළේය.
විදුහල්පති ආර්.එම්. ආරියරත්න, ප්‍රාථමික අංශයේ නියෝජ්‍ය විදුහල්පති ජේ.පී. මානවඩු, ජාතික ශිෂ්‍ය භට බලකායේ 31 වැනි බල සේනාවේ කපිතාන් වයි.ජී. කුසුමලතා යන මහත්ම මහත්මීහු ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානයට සහභාගි වූහ.
(පියසේන වතුදුර - දිගාමඩුල්ල සංචාරක)
Reply To:
Name - Reply Comment
0 Comments