Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 ජාතික ශිෂ්‍යභට බලකා ඒකකය මගින් පවත්වන ලද   ජාතික ශිෂ්‍ය භට බලකා කනිෂ්ඨ   අංශයේ   සමස්ත ලංකා මට්ටමේ බාලක  ශූරතාව කුරැණෑගල ශාන්ත ආනා විද්‍යාලය  (යුධ හතරවැනි බල ඇණීය) හිමිකර ගත් අතර එහි බාලිකා ශූරතාව යක්කලමුල්ල පොල්පාගොඩ ධර්මපාල මහා විද්‍යාලය (ගුවන් -  විසි හත්වන  බල ඇණීය) විසින් දිනාගැනුණි.
 මෙම තරගාවලියේ අවසන් තරග, විසිර යාමේ උලෙළ , ආචාර පෙළපාළිය  හා ජයග්‍රාහකයන්ට  සම්මාන ප්‍රදානය ජාතික ශිෂ්‍යභට බලකායේ  අධ්‍යක්ෂ , මේජර් ජෙනරාල් එම්. එම්. එස්. පෙරේරා (පී එස් සී ) මහතාගේ ප්‍රධානත්වයෙන් රන්දෙණිගල , රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.
බාලක හා බාලිකා යන අංශ යටතේ පැවැති සමස්ත ලංකා තරගාවලියට දිවයිනේ පාසල් 30 කින්  බාලක කණ්ඩායම් 30 ක් ද   පාසල් 10 කින්   බාලිකා කණ්ඩායම් 10 ක් ද වශයෙන්   කණ්ඩායම් 40කින්    ශිෂ්‍යභටයෝ 750 දෙනෙක් ඉදිරිපත්ව සිටියහ.
ජාතික ශිෂ්‍යභට බලකා කනිෂ්ඨ  අංශයේ  සමස්තලංකා    බාලක ශූරතාව කුරැණෑගල ශාන්ත ආනා විද්‍යාලය (යුධ හතරවැනි බල ඇණිය) හිමිකර ගත් අතර අනුශූරතාව මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයට (ගුවන් දෙවන බල ඇණිය) හිමිවිය. තෙවැනි ස්ථානය කොළඹ 10 ශාන්ත ජෝසප් (යුධ තුන්වැනි බල ඇණිය) විද්‍යාලයට හිමිවිය.
තරගාවලියේ බාලිකා ශූරතාව යක්කලමුල්ල පොල්පාගොඩ ධර්මපාල මහා විද්‍යාලය (ගුවන් -  විසි හත්වැනි  බල ඇණිය) හිමිකර ගත් අතර අනුශූරතාව කුරැණෑගල මලියදේව බාලිකා විද්‍යාලයට      (යුධ විසිපස්වැනි බල ඇණිය) හිමිවිය. තෙවැනි ස්ථානය දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා විද්‍යාලයට ( යුධ විසිහයවන බල ඇණිය) හිමිවිය.
මීට අමතරව බාලක අංශයේ දක්ෂතම අණ දෙන්නන්ට හිමි සම්මාන හඟුරන්කෙත දියතිලක මහා විද්‍යාලයේ එම්. වයි. සී. කරැණාරත්නත් (ශාරීරික අභ්‍යාස) පිළිමතලාව ධීරානන්ද විද්‍යාලයේ එල්. ආර්. පී. බණ්ඩාරත්  (ඝන සරඹ)  හිමිකර ගත්හ. 
බාලිකා අංශයේ අණ දෙන්නියන් වශයෙන් යක්කලමුල්ල පොල්පාගොඩ ධර්මපාල මහා විද්‍යාලයේ ඒ. පී. එස්. කාවින්ද්‍යා (ශාරීරික අභ්‍යාස) සහ වාරියපොළ ශ්‍රී ඥානෝදය මහා විද්‍යාලයේ ආර්. එම්. එම්. එස්. රත්නායක (ඝන සරඹ) දිනා ගත්තාය.
ශිෂ්‍ය භට කණ්ඩායම ආචාර පෙළපාළියක්ද සංවිධානය කර තිබුණි .
ජයග්‍රාහී භට කණ්ඩායම් සඳහා පදක්කම් පැලඳවීම හා ජය සංකේත ප්‍රදානය   ජාතික ශිෂ්‍යභට බලකායේ  අධ්‍යක්ෂ , මේජර් ජෙනරාල් එම්. එම්. එස්. පෙරේරා (පී එස් සී ) මහතා අතින් සිදුවිය.
 මෙම අවස්ථාවට සිසුන්ගේ මවුපියෝ,  විදුහල්පතිවරැ, ගුරැවරැ ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.


(වියලුවේ නිශාන්ත කුමාර)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.